Divaina - රන්ජන්, හිරුණිකා කොමිසම මඟහරින පුද්ගලයන් ලෙස සලකනවා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p7 1- කොමිසමේ සභාපති උපාලි අබේරත්න

- පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනපති කොමිසම

හිටපු යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර යන දෙදෙනා දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කරන ජනාධිපති කොමිසම මඟහරින පුද්ගලයන් බවට කොමිසම විසින් තීරණය කළ බව පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා ඊයේ (21 දා) ප‍්‍රකාශ කළේය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාළව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප‍්‍රමුඛ නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් දේශපාලනික බලපෑම් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට කරුණාසේකර මහතා මෙම කොමිසමට පැමිණිලි කර තිබේ.

මේ අතර යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් චාමික සුමිත් මහතා ද ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය. ඔහු සඳහන් කළේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමන්ව සිසිර තිසේරාගේ කාමරයට රැුගෙන ගිය බවයි. එහිදී සහකාර පොලිස් අධිකාරි සිසිර තිසේරා තමන් අමතා” සුමිත්, නිශාන්ත සිල්වා කියන විදියට සහය දක්වලා වැඩ ටික කරගෙන යන්න. ඔයා නිශාන්ත සිල්වා කියන විදියට කටඋත්තර දීලා යන්න.” යනුවෙන් තමාට පැවසූ බව ද සාක්ෂිකරු කොමිසමට කීවේය.

එම යෝජනාවට එකඟ නොවූ බැවින් තමා සමග උරණ වූ තිසේරා ‘‘මම උඹව කොහොම හරි ඇතුළට දානවා මූට කියලා වැඩක් නෑ. මූට බී රිපෝට් එකක් දාන්න මම අත්සන් කරන්නම්” යනුවෙන් පවසමින් ගිය බව චාමික සුමිත් මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

මේ අතර වර්ෂ 2012 මැයි17 වැනිදා නාරාහේන්පිට ප‍්‍රදේශයේදී වසීම් තාජුඞීන් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වී පිළිස්සී මිය යෑමේ සිද්ධියට නාමල් රාජපක්ෂ යෝෂිත, රාජපක්ෂ මෙන්ම ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බව පවසමින් සාක්ෂී ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාට බලපෑම් කළ බව කපිතාන් තිස්ස විමලසේන මහතා ඊයේ 21 දා සාක්ෂි දෙමින් පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසමට පැවසීය.

සාක්ෂිකරු පැවසුවේ තමන් දීර්ඝ කාලයක සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප ආරක්ෂකයා ලෙස කටයුතු කළ බවයි.

එම හේතුව පදනම් කර ගනිමින් තමන් ලවා රාජපක්ෂවරුන්ට එරෙහිව සාක්ෂි ලබා ගැනීමට සීඅයි.ඞී.යේ උප පොලිස් පරීක්ෂක පේ‍්‍රමතිලක ඇතුළු පිරිස අවස්ථා ගණනාවකදී උත්සාහ කළ බවත් විමලසේන මහතා ප‍්‍රකාශ කළේය.

එසේ අසත්‍ය සාක්ෂි ලබා දීම ප‍්‍රතික්ෂේප කළ නිසා මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ගොනු කරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද ඔහු කොමිසමට පැවසුවේය.

දැනට වැඩ තහනමකට ලක්ව සිටින යුද හමුදාවේ කපිතාන් තිස්ස විමලසේන මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව මෙම සාක්ෂි විභාගය පැවැත්විණි.

සාක්ෂි විභාග කිරීමෙන් පසු කොමිසමේ සභාපති විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා රාජිත සේනාරත්න, රංජන් රාමනායක, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු යුද හමුදාපති ක‍්‍රිෂාන්ත ද සිල්වා මෙන්ම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර යන මහත්වරුන්ට හෙට (23 දා) දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා ඊයේ නියෝග කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles