Divaina - පල්ලි කිහිපයක ආරක්‍ෂාව තහවුරු වුවත් කොච්චිකඬේ පල්ලියට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යෙදවූ නිසා ආරක්‍ෂාව තර කර ගැනීමට නොහැකි වුණා

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fasku1- හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර

- පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනපති කොමිසම

ගම්පහ, කැලණිය, නුගේගොඩ යන පොලිස් ස්ථානවල නිලධාරීන් කළ පරීක්‍ෂණ සහ නිලධාරීන් යෙදීම නිසා පල්ලි කිහිපයක ආරක්‍ෂාව තහවුරු වුවත් කොච්චිකඬේ පල්ලියට පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් යෙදීම නිසා එය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වී ඇති බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම් සභාව හමුවේ සාක්‍ෂි ලබා දෙමින් ඊයේ (21 දා* පැවසීය.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ හරස් ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් හිටපු පොලිස්පතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

නීතිඥවරයා - ප‍්‍රහාරයක් එල්ල වන බවට 2019 අපේ‍්‍රල් 04 වන දින තොරතුරක් ලැබුණා නේද?

සාක්‍ෂිකරු - 04 වන දා නිශ්චිත තොරතුරක් ලැබුණේ නැහැ. එය අනිකුත් තොරතුරු සමග විදේශීය තොරතුරක් ඉදිරිපත් කිරීම පමණයි.

නීතිඥවරයා - කතෝලික පල්ලි වලට පහර දෙන බව එම තොරතුරේ සඳහන් වූවා නේද?

සාක්‍ෂිකරු - නිශ්චිත තත්ත්වයක් ලැබුණේ නැහැ කරුණු හා දැනුම තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයට.

නීතිඥවරයා - පල්ලිවලට ප‍්‍රහාරයක් එල්වන බවට ලැබුණු තොරතුර අවතක්සේරු කරලා ඉන්න පුළුවන්ද?

සාක්‍ෂිකරු - එහෙම ඉන්න බැහැ

නීතිඥවරයා - එය පොලිසියට දැනුම් දී තිබුණා නේද?

සාක්‍ෂිකරු - නොයෙකුත් සීමාවන් යටතේ. එම තොරතුරු නිශ්චිත කිරීමකින් තොරව තමයි අපට දැනුම් දුන්නේ. විදේශයකින් ලැබුණ වුවත් එය ප‍්‍රබල තොරතුරක්. එම තොරතුරු අපට ලැබුණේ නැහැ. රාජ්‍ය බුද්ධි සේවයෙන් එය ස්ථීර කරලා තිබුණේ නැහැ.

නීතිඥවරයා - කතෝලික පල්ලි ආරක්‍ෂා කිරීමට මොකද කළේ.

සාක්‍ෂිකරු - පියවර ගත්තා. තිබුණ තොරතුරු අනුව උපදෙස් දුන්නා. ජාතික ආරක්‍ෂාවට අවශ්‍ය පියවරයන් ගත්තා.

නීතිඥවරයා - එම තොරතුරු පළමුවෙන්ම ලැබුණේ කවදා ද?

සාක්‍ෂිකරු - රාජ්‍ය බුද්ධි සේවය සහ ජාතික බුද්ධි ප‍්‍රධානියා දැනුම් දුන්නා.

නීතිඥවරයා - 2019 අපේ‍්‍රල් 07 වන දා එම තොරතුර ලැබුණා නේද?

සාක්‍ෂිකරු - නැහැ

නීතිඥවරයා - 8 වන දා ? ලැබුණා ද?

සාක්‍ෂිකරු - නැහැ

නීතිඥවරයා - ඔබ කියන විදියට එම තොරතුර ලැබුණේ අපේ‍්‍රල් 09 වන දා ද?

සාක්‍ෂිකරු - එහෙමයි ස්වාමීනි

නීතිඥවරයා - අවශ්‍ය සටහනක් යොදා එම තොරතුර ඔබත් යොමු කළා ද?

සාක්‍ෂිකරු - එහෙමයි

නීතිඥවරයා - 09 වන දා ලැබුණ තොරතුරේ කතෝලික පල්ලිවලට පහර දෙන බව තිබුණා ද?

සාක්‍ෂිකරු - එම තොරතුර තවදුරටත් කිරීම සඳහා කටයුතු කරන බව රාජ්‍ය බුද්ධි සේවය දැනුම් දුන්නා.

නීතිඥවරයා - ලැබුණු තොරතුරු හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. දේවස්ථාන ආරක්‍ෂා කිරීම සඳහා ගත් පියවරයන් තිබෙනවා ද?

සාක්‍ෂිකරු - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට මෙන්ම ප‍්‍රභූ ආරක්‍ෂක සේවයේ දෙදෙනකුට මෙම තොරතුරේ රහස්‍ය භාවය රැුකගෙන කටයුතු කිරීම සඳහා දැනුම් දුන්නා.

පොලිස්පතිවරයාගේ බලතල මම විමධ්‍යගත කළා. ඊට පෙර සමහර තීරණ ගැනීම සඳහා පොලිස්පතිවරයාගෙන් පෞද්ගලිකව අවසර ගත යුතුව තිබුණා. නමුත් එබඳු තීරණ මම දැනුවත් කර ගැනීම සඳහා මට අවස්ථාව ලබාදී තිබුණා.

මම තොරතුරු යොමු කළ අයට ආරක්‍ෂක සැලසුම් ගැන කළ යුත්තේ මොකක්ද කියලා කියන්න අවශ්‍ය නැහැ.

කලිනුත් එහෙම තමයි කටයුතු කළේ. මෙය සුවිශේෂ අවස්ථාවක්. ඒ නිසා තමයි ඒ ආකාරයට කටයුතු කළේ.

නීතිඥවරයා - මෙම තොරතුර විදේශයකින් ලැබුණ නිසා අඩුවෙන් සැලකුවාද?

සාක්‍ෂිකරු - තොරතුරක් දෙනවා නම් එහි තිබෙන කරුණු ගැන සලකා බලනවා. ඒවා තහවුරු කළ යුතුයි. තොරතුරු ලබාදුන් රටෙනුත් එය තහවුරු කර දැනුම් දෙන ලෙස දන්වා තිබෙනවා. එය රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියා විසින් සිදුකළ යුතුයි.

නීතිඥවරයා - ඔබ ලැබුණු තොරතුරු යොමු කළා මිස ප‍්‍රායෝගික පියවරක් ගත්තේ නැහැ නේද?

සාක්‍ෂිකරු - එම ප‍්‍රකාශයේ වචනයක් පාසා ප‍්‍රතික්ෂේප කරනවා. පොලිසිය තමන්ට තිබෙන බලතල සහ සීමාවන් තුළ ක‍්‍රියාත්මක වූවා. සමහර අයගේ නොසැලකිලිමත් කම් තිබුණා. හොඳට ක‍්‍රියා කළ අයත් සිටිනවා. විශේෂ කාර්ය බළකාය වැනි අංශ සතුටුදායක ලෙස ක‍්‍රියාත්මක වූවා.

නීතිඥවරයා - සියදිවි නසාගැනීම් කරන බවට තිබුණු තොරතුරු ගැන තැකීමක් කළේ නැහැ නේද?

සාක්‍ෂිකරු - එය ප‍්‍රතික්ෂේප කරනවා ස්වාමිනී. ලැබුණු බුද්ධි තොරතුර තහවුරු කළේ නැහැ.

නීතිඥවරයා - මීට වඩා පල්ලි ගැන සැලකිලිමත් වූවා නම් ප‍්‍රහාරය වළක්වාගන්න තිබුණා නේද?

සාක්‍ෂිකරු - හැම පැත්තකින්ම නවත්වාගන්න තිබුණා. අනෙකුත් උපදෙස් සහයෝගය, නායකත්වයත්, ඇමැතිවරයාත් කවුන්සිලයත් තිබුණා නම් අපි ක‍්‍රියාත්මක වූවා.

නීතිඥවරයා - පොලිසියේ සමහර අයට නිවාඩු දී තිබුණාද?

සාක්‍ෂිකරු - පොලිස් නිලධාරීන්ට එහෙම නිවාඩු ගන්න බැහැ. මාස ගණනකට පෙර නිවාඩු ඉල්ලූ අයට නිවාඩු දෙනවා. රාජ්‍ය උත්සවයක් තිබෙනවා නම් නිවාඩු දෙන්නේ නැහැ. මානුෂිකත්වය සලකා නිවාඩු දෙන අවස්ථා තිබෙනවා.

නීතිඥවරයා - අපේ‍්‍රල් 09 තොරතුරු ලැබීමෙන් පසු ඕනෑම ප‍්‍රශ්නයකට මුහුණදීම සඳහා පොලිසිය සීරුවෙන් තැබුවේ නැද්ද?

සාක්‍ෂිකරු - පොලිසිය අමුතුවෙන් සූදානම් කරන්න දෙයක් නැහැ. පොලිස් නිලධාරීන් සිවිල් පිට සිටියත් නිවසේ සිටියත් යමින් ගමන් සිටියත් තමන්ගේ වගකීම ඉෂ්ට කළ යුතුයි. නිලධාරීන් අඩු වූ විට නිවාඩු අවලංගු කරන අවස්ථාත් තිබෙනවා.

නීතිඥවරයා - විශාල ප‍්‍රහාරයක් එල්ල වේවි කියලා අපේක්‍ෂා කළේ නැහැ නේද?

සාක්‍ෂිකරු - තොරතුර පිළිබඳව ස්ථිරභාවයක් අපේක්‍ෂා කළා. තොරතුර පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව කිව්වා.

නමුත් අපි අවසන් වෙනකම් බලන් හිටියේ නැහැ. එක පාරට සමාජය දැනුවත් කර කටයුතු කිරීමට නිශ්චිත වටපිටාවක් තිබුණේ නැහැ. එම නිසා සිදුවීම පිළිබඳව වගකියන්න කියලා කියන එක සාධාරණ නැහැ.

නීතිඥවරයා - මෙම ප‍්‍රහාරය එල්ල වූයේ ලැබුණු තොරතුර සුළුවෙන් ගණන් ගත්ත නිසා නේද?

සාක්‍ෂිකරු - එය බැහැර කරනවා.

නීතිඥවරයා - දැනගෙන නිකන් හිටියා නොවෙයි. පල්ලි වලට ගැහුවත් කමක් නැහැ කියලා කටයුතු කළා කිව්වොත්.

සාක්‍ෂිකරු - කරකව කරකව කියන්නේ එකම දේ.

නීතිඥවරයා - පොලිසිය නිසා බම්බලපිටියේ පොලිසිය ආරක්‍ෂා වූ බව දන්නවාද?

සාක්‍ෂිකරු - එපමණක් නොවෙයි. නුගේගොඩ, කැලණිය, ගම්පහ ඇතුළු තවත් පොලිස් ස්ථානවල නිලධාරීන් කළ පරීක්‍ෂණ සහ නිලධාරීන් යෙදීම නිසා හොඳ තත්ත්වයක් තිබුණ කියලා දන්නවා.

නීතිඥවරයා - කොච්චිකඬේ පල්ලියට එම ආරක්‍ෂාව තිබුණේ නැහැ නේද?

සාක්‍ෂිකරු - ප‍්‍රහාරය වළක්වාගන්න තරම් ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් තිබිලා නැහැ. පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් මාර්ගයට යොදලා තිබෙනවා. එය ප‍්‍රමාණවත් නැහැ.

එරික් ගාමිණි ජිනප‍්‍රිය
 

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles