Divaina - ගම්පහට ඇඳිරි නීතිය දැම්මත් උ.පෙළ විභාගයට යන සිසුන්ට ප‍්‍රවාහන පහසුකම් - විභාග කොමසාරිස් ජනරාල්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගම්පහ දිස්ති‍්‍රක්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනෙව්වත් උසස් පෙළ විභාගයට පෙනී සිටින ප‍්‍රදේශයක විභාග මධ්‍යස්ථානයට පැමිණෙන තනි සිසුවාට පවා ප‍්‍රවාහන පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදාගෙන සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ (21 දා) පැවැසීය.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ මේ වන විට ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ධාවනය නොවන ප‍්‍රදේශද හඳුනාගෙන එම ප‍්‍රදේශවල සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැුගෙන යෑමට බස් රථ යෙදවීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

ගම්පහ දිස්ති‍්‍රක්කයට ඇඳිරි නීතිය පැනවීම කොවිඞ් රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගත් කි‍්‍රයාමාර්ගයක් බැවින් ඊට අනියත බියක් ඇති නොකරගෙන දරුවන් සහ විභාග කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන වෙත මෙම බස් රථවලින් ගමන් කළ හැකි බවද විභාග කොමසාරිස්වරයා කීවේය.

මේ දක්වා විභාගය පැවැති දින මෙන් අද (22 දා) සිටද බස් රථ සමග දුම්රියන්ද ධාවනය කරන බවත් විභාග කාර්ය මණ්ඩලයට සිය හැඳුනුම්පත හා රාජකාරී ලිපිය ඇඳිරි නීති බලපත‍්‍රය ලෙස යොදාගත හැකි බවත් සිසුන්ට විභාග ප‍්‍රවේශ පත‍්‍රය ඇඳිරි නීති බලපත‍්‍රය ලෙස භාවිතා කළ හැකි බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles