රාජකාරී වේලාවේදී ගඟට පැන ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බවත් එය තමාගේ ජීවිතයේ නොමැකෙන සටහනක් බවත් බද්දේගම පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල් 93456 ලසන්ත පුෂ්ප කුමාර මහතා පෙරේදා (20දා* පැවසීය.
පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය 19දා සවස බද්දේගම පොලිසියට පැමිණි කාන්තාවක් දිවි හානි කර
ගැනීමට බද්දේගම පාළමෙන් ගිං ගඟට පැන තිබූ අතර වහාම ක්‍රියාත්මක වූ බද්දේගම පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු ගඟට පැන ඇයව බේරාගෙන තිබුණි.
26 හැවිරිදි දෙදරු මවක මෙසේ බේරාගෙන තිබුණේ පොලිස් කොස්තාපල් 93456 ලසන්ත පුෂ්ප කුමාර මහතා විසිනි.
පොලිස් කොස්තාපල් ලසන්ත පුෂ්ප කුමාර මහතා මෙසේද කීවේය. ”මම එනකොට පිරිසක් කිව්වා අන්න ගෑනු කෙනෙක් ගඟට පැන්නා කියලා. මා දෙවරක් නොසිතා ගඟට පැන්නා. ජීවිතයක් බේරා ගත්තා. අපේ පොලිසියේ චාමර, ගුණසේකර, ඩයස්, ප්‍රියන්ත යන මහත්වරු මාහට උදව් කළා. මේ ගැන ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා ඇතුළු සියලූ දෙනා දිරිමත් කළා.
ගොඩබිමට රැුගෙන ඒමෙන් පසුව එම කාන්තාව බද්දේගම මූලික රෝහලට රැුගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා තිබුණි. කාන්තාව සුවෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්මීමන - කේ. මතිලාල්