නාවික හමුදාව උතුරු මුහුදේ ආරක්ෂාව තරකිරීමත් සමගම ඉන්දියාවේ සිට උතුරු මුහුදට බලහත්කාරයෙන් පැමිණෙන ට්‍රෝලර් යාත්‍රා සංඛ්‍යාව මේ සතියේදි ඉතා සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇති බව නාවික හමුදාව පවසයි.
ඉන්දියාවේ සිට පැමිණෙන ධීවරයින් සමග කොරෝනා රෝගීන් පැමිණිය හැකි නිසා එම තත්ත්වය වළක්වා ගැනීම ස`දහා ගත හැකි ක්‍රියාමාර්ගවලදී නාවික හමුදාවට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිණීම අවම කිරීමේ වගකීම පැවරුණි.
නාවික හමුදාව පෙරට වඩා උතුරු මුහුදේ ආරක්ෂාව දැඩි කොට ඉන්දියාවේ රාමේෂ්වරන් හරහා උතුරු පළාතට පැමිණෙන ඉන්දීය යාත්‍රා ප්‍රමාණය සීමා කොට ඇති අතර, රාත්‍රී කාලයේ මුර සංචාර ද වැඩි කොට තිබේ. ඒ අනුව ඉන්දියාවේ රාමේස්වරන්, ධනුෂ්කොඩි වහකෝට්ටේ තූත්තුකුඩිය යන මුහුදු ප්‍රදේශවලින් මේ සතියේදී උතුරු මුහුදු සීමාවට පැමිණ ඇත්තේ ඉතාම අඩු යාත්‍රා සංඛ්‍යාවකි.
දිනසේන රතුගමගේ