Divaina - කුරුණෑගල වන ගහනය 10%කටත් වඩා අඩුයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

kalla1- සංරක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ ලලිත් ගම‍ගේ

- කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දැනට වනගහනය සියයට 10කට වඩා අඩුවී ඇති බව වන සංරක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ ලලිත් ගම‍ගේ මහතා පවසයි.

ඉදිරි හය වසරේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වනගහනය සියයට 12 දක්වා වැඩි කිරීම වන සංරක්ෂණ ‍දෙපාර්ත‍මේන්තු‍වේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාල‍යේ ඉලක්කය වී ඇතැයි ඒ මහතා කීවේය.

මේ සඳහා එක් පියවරක් ‍ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නැවත වගා කළ හැකි භූමි හඳුනා ගැනීම ‍මේ දිනවල කර ‍ගෙන යන බව ද එම භූමිවල නැවත වන වගා කිරී‍මේදී දේශීය ශාකවලට මුල් තැනක් ලබා දීමට පියවර ‍ගන්නා බව ද ඒ මහතා කීවේය.

ඒ අනුව ගොඩ කරඳ, මී, කුඹුක් සහ ‍කො‍හොඹ ද එයට අමතරව ප‍්‍රදේශ‍යේ අවශ්‍යතාවය අනුව තේක්ක වැනි වර්ග ද වගා කිරීමට සැලසුම් කර ති‍බේ. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වනගහනය පිළිබඳ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය ‍යොමු වී‍මේ ප‍්‍රතිඵලයක් වශ‍යෙන් ‘සෞභ්‍යා දැක්ම’ යටතේ ‍මෙම නැවත වන වගා වැඩ සටහන ක‍්‍රියාත්මක වන බව වන සංරක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් සහකාර අධ්‍යක්ෂ ලලිත් ගම‍ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

බමුණාකොටුව - නන්දන සිරි ශාන්ත කුමාර

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles