Divaina - කළුතරින් කොරෝනා රෝගීන් ක් හමුවේ 45 රෝගීන් වැඩිවීමේ ප‍්‍රවණතාවක්

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 1- වැසූ ගම්වල ජනතාවට  ආහාර සපයා ගැනීමේ දුෂ්කරතා

-රෝහල් සීරුවෙන්

- කළුතර දිස්ත‍්‍රික්  කොරෝනා  සම්බන්ධීකරණ රැස්වීම

කළුතර දිස්ත‍්‍රික්කයෙන් ඊයේ (19 දා) දහවල් වනවිට කොරෝනා රෝගීන් 45 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් පී සී ආර් පරීක්‍ෂණ රැුසක ප‍්‍රතිඵල ලැබෙමින් පවතින අතර ඒවා අනුව රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඊයේ (19 දා) උදේ පැවැති කළුතර දිස්ත‍්‍රික් කොරෝනා රෝග පාලනය පිළිබඳ සම්බන්ධීකරණ රැුස්වීමේදී අනාවරණය විය.

වරාය හා නාවුක කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේදී එම රැස්වීම පැවැත්විණි.

මතුගමින් රෝගීන් 26 ක් හොරණින් 08 ක් පානදුරෙන් 03 ක්, අගලවත්තෙන් 03 ක්, බණ්ඩාරගමින් 01 ක්, මිල්ලනියෙන් 01 ක්, වලල්ලාවිටින් 01 ක්, මදුරාවලින් 01 ක් හා ඉංගිරියෙන් 01 ක් වශයෙන් මෙම රෝගීන් වාර්තා වී ඇති බව කළුතර දිස්ත‍්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිද් ලියනගේ මහතා එහිදී කීය.

මෙම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා සෘජුව සම්බන්ධ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ආරක්‍ෂක අංශ සාමාජිකයන් නිරෝධායනය කිරීමම අවශ්‍ය වුවහොත් ඒ සඳහා සුදුසු ස්ථාන සූදානම් කර තැබිය යුතු බවද ඒ මහතා කීය.

මේ අතර රෝගීන් වැඩි වුවහොත් ඉංගිරිය රෝහලේ රෝගීන් 40 දෙනෙකුටද, පිඹුර රෝහලේ රෝගීන් 60 දෙනෙකුටද, ඉත්තෑපාන රෝහලේ රෝගීන් 40 දෙනෙකුටද, බණ්ඩාරගම රෝහලේ රෝගීන් 50 දෙනෙකුට හා මතුගම රෝහලේ රෝගීන් 40 දෙනෙකුටද පහසුකම් සූදානම් කර ඇතැයි කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi උදය රත්නායක මහතා මෙහිදී කීය.

කළුතර දිස්ත‍්‍රික්කයේ පීසීආර් පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ඒමට දින 3 - 4 ක කාලයක් ගත වන බැවින් කළුතර දිස්ත‍්‍රික්කය සඳහා පීසීආර් පරීක්‍ෂණ යන්ත‍්‍රයක් ලබාදීමට කටයුතු කරන ලෙසද කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ඊයේම (19දා) කැබිනට් මණ්ඩල රැුස්වීමට ඉදිරිපත් කරන බව ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කීය.

දැනට වසා දමා ඇති ඕවිටිගල, බදුගම හා බදුගම ජනපදය යන ගම්මානවල ගර්භණී මාතාවන් 53 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට පහසුකම් සැලසීමට කළුතර නාගොඩ මහ රෝහල සූදානම් කර ඇති බවත් වෛද්‍ය උදය රත්නායක මහතා කීය.

මේ අතර කඨින පෙරහැරවල් ආදියට යම් සීමා පැනවීමක් කළ යුතු බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්. ජී. සිංහබාහු මහතා ප‍්‍රකාශ කළ අතර එවැනි තීරණයක් ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල හිමිවරුන් සම`ග සාකච්ඡුා කර ගන්නා ලෙස කළුතර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දිම එදිරිමාන්න මහතා කීය.

වසා දමා ඇති ගම්මානවල මාර්ග පහසුකම් අඩු බවත් ඒවායේ වෙළෙඳසැල්වල ප‍්‍රමාණවත් ආහාර තොග නැති බවත් ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා ග‍්‍රාම නිලධාරීන් පෙන්වා දුන් අතර සමූපකාර හා සතොස වැනි ආයතන සම්බන්ධ කර ඒවායෙන් ජනතාවට පාරිභෝගික ද්‍රව්‍ය ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස කළුතර දිසා ලේකම් ප‍්‍රසන්න ගිනිගේ මහතා උපදෙස් දුන්නේය.

වැසූ ගම්මානවල ජනතාවට රුපියල් 5000/- දීමනාව හා වියළි සලාක ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනූප පැස්කුවල් මහතා ඉල්ලා සිටියේය.

ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට සහන වැඩපිළිවෙළක් ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එසේ නොවුණහොත් රජය අපකීර්තියට පත් විය හැකි බව ද කීය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප‍්‍රියන්ත හා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල පේ‍්‍රමදාස යන මහත්වරුන් ප‍්‍රමුඛ සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන් ද කළුතර දිස්ත‍්‍රික් කොවිඞ් සම්බන්ධීකාරක වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන, සෞඛ්‍ය නිලධාරීන් ද ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සටහන හා ඡුායාරූප - විජයසිරි විජේසේකර කළුතර සමූහ

kandos18

අද දිවයින

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles