Divaina - කොල්ලූපිටියේ නිවසක් කුළියට අරන් කසිප්පු පෙරූ චීන්නු තිදෙනා මාට්ටු

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p13 1- නිවෙස් හිමිකරුට එරෙහිවත් නීතිය කි‍්‍රයාත්මක කරනවා - පොලිසිය

- කොල්ලූපිටිය ටොරානා නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ නිවසක නීති විරෝධී මත්පැන් පෙරීම හා නිෂ්පාදනය කර බෙදාහැරීමේ ජාවාරමක නිරතවූ චීන ජාතික කතුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කොල්ලූපිටිය පොලිසිය පෙරේදා (18 වැනිදා) සමත්විය.

ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානය වටලන විටත් නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවල නිරත වෙමින් සිටි බවද පොලිසිය කියයි. මෙහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් 750 බෝතල් 60 ක්ද, මිලිලීටර් 5000 බෝතල් 3 ක්ද, ගෑස් ලිප්, ගෝඩා මිලිලීටර් අසූදහසක් ද, තඹ දඟර, ෆ්‍රෙෂර් කුකර්, විදේශීය සිගරට් 920ක් ද, මදුරු දඟර, ඊස්ට්, සීනි මිටි ඇතුළු පෙරුම් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ. මොවුන් මෙම නිවස රුපියල් එක්ලක්ෂ පනස්දහසක මාසික කුලී පදනම මත ලබාගෙන මෙම ජාවාරමේ නියැලී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි. ඒ අනුව මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකළ චීන ජාතිකයන් ගැන කිසිම සොයා බැලීමක් නොකර අදාළ නිවස කුලියට ලබාදුන් නිවෙස් හිමිකරුට එරෙහිවද දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද පොලිසිය කියයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles