Divaina - පාතාලයේ ‘කොට ගාමිණී’ ඉන්දියාවේදී අත්අඩංගුවට!

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

හේමන්ත රන්දුණු
 
 rimandsමිනීමැරුම් කප්පම් ගැනීම්” මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි නායකයකු වූ සුනිල් ෆොන්සේකා හෙවත් කොට ගාමිණී නමැත්තා ඉන්දියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 ‘කොට ගාමිණී’ නමැත්තා ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය ඔස්සේ ද ප‍්‍රචාරය කර තිබේ.
 
 මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ‘කොට ගාමිණී’ නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය මගින් දැන ගන්නට ලැබුණ ද ඉන්දීය පොලිසිය මගින් මේ වනතුරු නීත්‍යනුකූල දැනුම් දීමක් කර නොමැති බවයි.
 
 හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු වූ සුනිල් මෙන්ඩිස් මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් 10 ක් සම්බන්ධයෙන් කොට ගාමිණීට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 කොළඹ පාතාලයේ ප‍්‍රබල නායකයකු මෙන්ම ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු වන කිඹුලාඇලේ ගුණාගේ සමීපතම පාතාල සගයා ලෙස සිටි කොට ගාමිණී පසු කලෙක තවත් පාතාල කල්ලි කිහිපයක් සමඟ සම්බන්ධතා පවත්වමින් දරුණු ගණයේ අපරාධවල නිරත වූ පාතාල සාමාජිකයෙකි.
 
 මීට කලකට ඉහතදී ඉන්දියාවට පලා ගිය කොට ගාමිණී එරට සැඟවී සිටින කිඹුලාඇලේ ගුණා නමැති පාතාල නායකයා සමඟ එක්ව හෙරොයින් ජාවාරම්වල නිරතව සිටි බවට පොලිස් ආරංචි මාර්ග පැවසීය.

 

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles