Divaina - ශ‍්‍රී ලංකා - පාකිස්තාන හවුල් සමාගම් ඇරඹීමේ සූදානමක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

wimaleශ‍්‍රී ලංකාව සහ පාකිස්තානයට යන දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම, සිමෙන්ති, සීනි, ඖෂධ වැනි කර්මාන්ත ආශ‍්‍රිතව ශ‍්‍රී ලංකා - පාකිස්තාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්තාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්තාන මහ කොමසාරිස් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය.
 
 ඒ සඳහා ශ‍්‍රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ආයතනික සහ නීතිමය බාධාවන් පවතින බවත් එවැනි බාධාවන් ඉවත් කර දීමේ හැකියාවක් වත්මන් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාට තිබෙන බව තම විශ්වාසය බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
 
 කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (15 දා* පාකිස්තාන මහ කොමසාරිස්වරයා කර්මාන්ත අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මෙම අදහස් පළ විය.
 
 එහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ එවැනි බාධාවන් පැවතීම පිළිබඳව තමන් කනගාටු වන බවය. ඒවා ජය ගනිමින් ඒවාට පිළියම් යෙදිය හැකි බැවින් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් ද සමන්විත ශ‍්‍රී ලංකා - පාකිස්තාන ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡුා කරන බවත් වීරවංශ මහතා කීය.
 
 දෙරට අතර වාර්ෂිකව ඩොලර් බිලියන 01 ක ආනයන - අපනයන වෙළෙඳාමක් සිදු කළ හැකිව තිබියදී සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදු කෙරෙන්නේ ඩොලර් මිලියන 450 - 500 අතර වෙළෙඳාමක් බවත් එය දෙරටටම වාසිදායක වන සේ ඉහත අගය දක්වා වැඩි කරගත හැකි බවත් ද මෙහිදී ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
 
 වත්මන් රජය සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අනුව යමින් ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ගොඩනැඟීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේදී කලාපීය හා ජාත්‍යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් එය කළ යුතු බවත් එහිදී පාකිස්තානය වැනි මිත‍්‍රයකුගේ සහයෝගය ඉතා වැදගත් බවත් මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
 
 පාකිස්තානය, ශ‍්‍රී ලංකාවේ සෑම දුෂ්කර අවස්ථාවකදීම සිටි මිත‍්‍රයකු බවත් ඒ මිත‍්‍රත්වය වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද ඉතාමත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
 
 මෙම අවස්ථාවට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන* අයේෂා අබු බකර් ෆහඞ්, වෙළෙඳ හා ආයෝජන අංශයේ ප‍්‍රධානී, අස්මා කාමල් යන මහත්මීහු සහ අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles