Divaina - බිරියගේ කාර් සිහිනය ඉටු කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ටියුෂන් ගුරා රිමාන්ඞ්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ගුරුවරියක් වන තම බිරිඳට නවීන පන්නයේ මෝටර් රථයකින් ගමන් බිමන් යෑමට තිබූ බලවත් ආශාව ඉටුකරගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ උපකාරක පන්ති ගුරුවරයෙකු සහ තවත් දෙදෙනකු ඔක්තෝම්බර් මස 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් නිසේන්ද්‍ර ඒකනායක මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මට්ටක්කුලියේ රොක් හවුස් පටුමගේ සමගිපුර නිවාස යෝජනා ක‍්‍රමයේ සහ ජාතික නිවාස යෝජනා ක‍්‍රමයේ පදිංචි කරුවන වන ජයසංක පෙරේරා (26* සුබාෂ් ඉන්දික (40* සහ පසිඳු ඩිල්ෂාන් (27* යන තිදෙනාය.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩිල්ශාන් සේනාරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව එම ඒකකයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී ලක්ෂ 55 පහක පමණ වෙළඳ පොළ වටිනා කමක් ඇති හෙරොයින් ග‍්‍රෑම් 150 සහ කේරල ගංජා කිලෝග‍්‍රෑම් 6 ක් ජංගම දුරකථන පහක් සමග මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

කොළඹ මීගමුව පාරේ ද`ඩුගම පලම ආසන්නයේදී හෙරොයින් ග‍්‍රෑම් 50 ක් සමග උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවටගනු ලබන අතර ඔහුට හෙරොයින් ලබාදී හෙරොයින් සහ කේරල ගංජා ඉල්ලූම් කර ඇති ජාවාරම්කරුවන්ට ඒවා තොග වශයෙන් බෙදාහැරීමට මීගමුව දෙසට ගමන් කරමින් සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා ගමන් කළ මෝටර් රථය හදිසි මාර්ග බාධකයක් යොදා සීදුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර්කාරයේ සකස් කළ රහස් කුටියක සඟවා තිබූ හෙරොයින් ග‍්‍රෑම් 100 ක් සහ කේරල ගංජා කිලෝග‍්‍රෑම් 6 ක් සහ විද්‍යුත් තරාදි තුනක් ද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව ඔවුන් පදිංචිව සිටින මට්ටක්කුලිය ප‍්‍රදේශයේදී මෙම ජාවාරම සිදුකර නැති අතර වසරක පමණ කාලයක සිට මේ තිදෙනා එකතුව කඳානේ සිට පුත්තලම දක්වා හෙරොයින් සහ කේරල ගංජා බෙදාහැරීම කරගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් උපකාරක පන්ති ගුරුවරයා මෙම ජාවාරමට සම්බන්ධ කරගෙන ඇත්තේ කලක් ඔහුගෙන් ගණිතය ඉගෙන ගත් 27 හැවිරිදි සැකකරු විසිනි. එසේ සම්බන්ධවීම සිදුවී ඇත්තේ තමන්ගේ බිරිඳගේ අලූත් මෝටර්කාරයක ගමන් කිරීමේ සිහිනය පිළිබඳව තමන්ගෙන් අකුරු කළ හිතවත් ගෝලයා සමග සිදු කළ සංවාදයකින් පසුව ගෝලයා ගෙන් ලද යෝජනාවකින් බව සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව මෙම වැටලීම සහ විමර්ශන කටයුතු සඳහා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක, උපපොලිස් පරීක්ෂකවරුන් වන ඩිල්ෂාන්, ජයලත්, පොලිස් සැරයන් වරුන් වන 3899 දිසානායක, 5775 විජේරත්න, 61836 ඉන්දික, 60490 සෙනවිරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන 64621 සුමිත්, 85214 ජයසිංහ සහ පොලිස් රියදුරු 89904 මදුසංක යන නිලධාරීන්ද මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සඳහා සහභාගිවී තිබුණි.

විමල් කීර්ති - මීගමුව
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles