Divaina - අන්තර්ජාලයෙන් විකිණීමට සිටි කතුන් සිව්දෙනෙක් කළමනාකරු සමග අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් මහරගම ප‍්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කළමනාකරු සහ  ගණිකා වෘත්තියේ නියැලූ‍ණු කතුන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය 26 දා සමත්විය.

නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවූ බවද එම අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් කුරුණෑගල, අම්පාර, පොළොන්නරුව යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 34, 35, 36, 37 යන වයස්වල පසුවන්නන් බවද එම අංශය පවසයි.

මෙම ගණිකා ඇසුර සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන පුද්ගලයින්ව තැන් තැන්වලට ගෙන්වා ඔවුන්ව අදාළ ගණිකා නිවාසයට  ගෙන්වාගෙන ඇතැයි හෙළිවූ බවද එම අංශය කියයි. මෙම ගණිකා ඇසුර පතා පැමිණෙන අයකුගෙන් රුපියල් තුන්දහස් පන්සියයේ සිට ඉහළට අයකර ඇතැයි හෙළිවූ බවද එම අංශය පවසයි.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වීරතුංග,පොලිස් සැරයන්වරුන් වන  පේ‍්‍රමජයන්ත(48513),කපිල(54478), පොලිස් කොස්තාපල්වරුන් වන ප‍්‍රමිල(69080),එල්ලාවල (83622),ක‍්‍රිෂාන්ත(93377), කාන්තා පොලිස් කොස්තාපල් ගයනි(10200) යන නිළධාරීහූ මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles