Divaina - විහිළුවට හප්පන්න ගිය තරුණියෝ දෙදෙනා බරපතළ තුවාල ලබති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- සැකකාර ති‍්‍රරෝද රථ රියදුරා අත්අඩංගුවට

- විහිළුවක් කිරීමට ගොස් රිය අනතුරක් සිදුකර තරුණියන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීම පිළිබඳ ති‍්‍රරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසියේ රථ වාහන අංශය කියයි.

වාද්දුව පොතුපිටිය උතුර ගාලූපාර හන්දියේ පෙරේදා (27දා) සවස පහට පමණ සිදුවූ රිය අනතුරින් තරුණියන් දෙදෙනකු බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙසේ අනතුරට ලක්වූයේ වාද්දුව පොතුපිටිය, ශ‍්‍රී සංඝානන්ද මාවත පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. එකම පවුලේ සහෝදරියන් තිදෙනා ගාලූ පාර අසලට පැමිණ රැුඳී සිටියේ එම මාර්ගයේ ගමන් ගන්නා සිහින තාරුකාවි (ඞීම් ස්ටාර්) ජයග‍්‍රාහිකාව කළුතර දක්වා ගමන් ගන්නා රථ පෙළපාලිය නැරඹීම සඳහාය. එසේ සිටින අතරතුර කළුතර දෙස සිට පැමිණි ති‍්‍රරෝද රථයේ රියැදුරු විහිළුවක් කිරීමට ගොස් රථය පාලනය කිරීමට නොහැකිව සහෝදරියන් තිදෙනාගෙන් දෙදෙනකු අනතුරට ලක් කරමින් පෙරළී ගියේය. අනතුරට ලක්වූ තරුණියන් දෙදෙනා අසල තිබූ කාණුව තුළට ඇදවැටී තිබූ අතර ති‍්‍රරෝද රථය කාණු ගැට්ටේ හිරවීම නිසා තරුණියන්ගේ ඇඟ මත වැටීමෙන් වැළකී ගියේය.

ති‍්‍රරෝද රථයේ රියැදුරු වාද්දුව පොලිසියේ රථ වාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර පිළිබඳව වාද්දුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

වාද්දුව විශේෂ - ගාමිණි ගුණසිංහ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles