Divaina - කුලී වැඩකර නිවෙස් බලා ගිය කම්කරුවන් දෙදෙනා වන අලි පහරින් මරුට

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p3 1ගල්ගමුවේ නිවාස 27කට  වන අලි පහර දෙති

වන අලි ප‍්‍රහාරයකින් ගල්ගමුවේ කුලී කම්කරුවෝ දෙදෙනෙක් 27 දා රාති‍්‍ර මරුමුවට පත් වූහ.

ගල්ගමුව පොලිස් වසමට අයත් දේවගිරිය ගම්මානයේදී ඔවුන් දෙදෙනා මෙසේ වන අලි ප‍්‍රහාරයට ලක් වූයේ රාති‍්‍ර 7 ට පමණය. මේ දෙදෙනා ප‍්‍රදේශයේ කුලියට සේවය කොට නැවත තම නිවෙස් බලා ගමන් කරමින් සිටියදී ප‍්‍රහාරයට ගොදුරු වී ඇත.

මෙසේ මියගියේ ගල්ගමුව -ගල්ලෑව පදිංචි වී සිටි නිමල් හේරත් වන්නිනායක (40) සහ ගල්ගමුව - කිතලව පදිංචිව සිටි ඊ. එම්. පියදාස (56) නම් දෙදෙනෙකි.

ඔවුන්ගේ මෘතදේහයන් ගල්ගමුව මූලික රෝහලට ගෙන ආ අතර ඊයේ (28 වැනිදා) එහි මරණ පරීක්‍ෂණයන් සිදු කිරීමට නියමිතව තිබිණි.

පසුගිය සතිය ඇතුළත ගල්ගමුව හා ඒ අවට නිවාස 27 ක් වල් අලි ප‍්‍රහාරයන්ට ලක්වී ඇති අතර මිනිස් මරණ දෙකක්ද වාර්තා විය. නිරන්තරයෙන් දහවල් කාලයටත් මෙම ප‍්‍රදේශවල වල් අලින් ගැවසෙන අතර ඊට විසඳුම් ලබාදීමට තවමත් බලධාරීන් පියවර ගෙන නැත.

සේනක ඉලංගකෝන් - මහගල්කඩවල
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles