Divaina - කොරෝනා බියෙන් මාතර පොල්හේන වෙරළ පාළුවට යයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

පොල්හේන හෝටලයක නතරවී සිටි විදේශිකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට කියන සිද්ධියක් මත මාතර පොල්හේන මුහුදු වෙරළ පාළුවට ගොස් ඇති බවට ප‍්‍රදේශවාසීහු පවසති.

වෙනත් දිනවල සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල විශාල දේශීය සංචාරකයන් පිරිස් දිය නෑමට පොල්හේන මුහුදු වෙරළට පැමිණෙන බවත් මෙම කොරෝනා බිය නිසා ජනතාව වෙරළට පැමිණීමේ විශාල අඩුවක් දකින්නට ලැබේ.

සංචාරක හෝටල් විශාල ප‍්‍රමාණයක් පොල්හේන අවට ඇති අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල විශේෂයෙන් පොල්හේන දියනෑමට දුරබැහැරව සිට එන දේශීය සංචාරකයන් හෝටල්වල නවාතැන් ගන්නා බවත් මේ දිනවල ඔවුන්ගේ පැමිණීම ඉතා සීමාවී තිබීම හේතුවෙන් ඔවුන්ගේ සාමාන්‍ය වියදම් පවා කර ගැනීමට නොහැකි වී ඇති බවට හෝටල් හිමියෝ පවසති.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles