Divaina - එගොඩමුල්ල වෙරළේ කෝටියක කුඩු පාර්සලයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

උසාවියට  අද කරුණු  ඉදිරිපත් කෙරේ

අහුන්ගල්ල, එගොඩමුල්ල ප‍්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් පාර්සලයක් සිකුරාදා  (25 දා) අහුන්ගල්ල පොලිසිය මගින් සොයා ගෙන තිබේ.

මෙම හෙරොයින් පාර්සලය සම්බන්ධයෙන් අද  (28 දා) බළපිටිය මහෙස්ත‍්‍රාත් හංසදේව සමරදිවාකර මහතා වෙත කරුණු වාර්තා කරන බව අහුන්ගල්ල පොලිසිය කියයි.

හෙරොයින් පාර්සලයේ අයිතිකරුවකු නොමැති බවත් අයිතිකරුවකු සොයා ගැනීම සඳහා මෙන්ම හෙරොයින් පාර්සලයට අදාළ තොරතුරු සොයා  ගැනීමට තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් අහුන්ගල්ල පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

අහුන්ගල්ල, එගොඩමුල්ල ප‍්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි තරුණයන් දෙදෙනකුට මෙම පාර්සලය හමු වී තිබෙන බවත් ඔහුන්ගේ දැනුම් දීමට අනුව අහුන්ගල්ල පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී පාර්සලයේ ඇත්තේ හෙරොයින් බවට හඳුනා ගත් බවත් අහුන්ගල්ල පොලිසිය කියයි. පොලිසිය පැමිණෙන විට පාර්සලයේ උඩ කවරය ගලවා තිබූ බවත් යටින් ඇති කවර ඉතා සුරක්ෂිතව තිබූ බැවින් පාර්සලය ඇතුළට ජලය කාන්දු වී නොතිබූ බවත් පොලිස් පරීක්ෂණවල දී තහවුරු වී තිබේ.

කිලෝ ග‍්‍රෑම් 01කට අධික බරින් යුත් මෙම හෙරොයින් පාර්සලය රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුක්ත බව ද අහුන්ගල්ල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.

පොලිසියට හමුවන විට හෙරොයින් පාර්සලයේ තිබූ හෙරොයින් ගල් ගැසී තිබූ බවත් ඒ නිසාම මෙම හෙරොයින් මීට මාස 03කට පමණ පෙර පාර්සල් කරන්නට ඇතැයි සිතිය හැකි බවත් පොලිසිය කියයි. ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරුවන් විසින් කරන ලද හෙරොයින් ජාවාරමේ දී කුමන හෝ හේතුවක් නිසා මෙම පාර්සලය මුහුදට විසි කරන්නට ඇතැයි සිතිය හැකි බවත් එයින් පසුව මුහුදේ පාවී පැමිණ අහුන්ගල්ල, එගොඩමුල්ල ප‍්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසන්නට ඇති බවත් අහුන්ගල්ල පොලිසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අනුර යසමිත් - බළපිටිය

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles