Divaina - පැටියා බේරා ගන්න ආ වනජීවී නිලධාරීන්ට මව් ඇතින්නගෙන් බාධා - ඇතින්නිය නිර්වින්දනය කර පැටවා බේරා ගැනේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p3 2ඇතිමලේ, කරගස්තලාව ප‍්‍රදේශයේ හේන් වගා බිමක ළිඳකට ඉකුත් සිකුරාදා (25 දා) වැටී සිටි අලි පැටවකු බේරා ගැනීමට ගිය වනජීවී නිලධාරීන්ට මව් ඇතින්නිය බාධා කිරීම නිසා ඇතින්න නිර්වින්දනය කර අලි පැටවා බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට සිදුවිය.

මාස දහයක් පමණ වයසැති අලි පැටවකු ළිඳකට වැටී ඇති බවට මොනරාගල අඩවි වනජීවී කාර්යාලයට ලද තොරතුරක් අනුව නිලධාරීන් කණ්ඩායමක් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් අලි පැටවා බේරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී ඒ අසල රැුඳී සිටි ඇතින්නිය බැකෝ යන්ත‍්‍රය අසලට පැමිණ නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇත. ඇතින්න පලවා හැරීමට නිලධාරීන් උත්සාහ කළත් ඇතින්න ඊට ප‍්‍රතිචාර නොදක්වමින් සිද්ධියවූ ස්ථානයේම රැුඳී සිටීම නිසා ඒ බැව් ඌව පළාත් භාර වනජීවී පශු වෛද්‍ය නිලධාරි ආනන්ද ධර්මකීර්ති මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව ඔහු පැමිණ ඇතින්න නිර්වින්දනය කිරීමෙන් පසුව බැකෝ යන්ත‍්‍රය යොදා ළිඳට පිවිසෙන මාර්ගය හාරා අලි පැටියාට ගොඩට ඒමට අවස්ථාව සලසා දෙන ලදී.

පසුව පැටියා මව් ඇතින්න සමග කැළයට ගොස් ඇත.

මොනරාගල වනජීවී අඩවි ආරක්ෂක බී. එස්. ජයසෝම රත්නායක, වනජීවී නියාමකවරුන් වන ටී. කේ. පී ජයමාල්, ඒ. එම්. එස්. ටී බණ්ඩාර, ඒ. ජී. ජේ. එස් හර්ෂ කුමාර, කේ. කේ චන්ද්‍රපාල, ගයාන් දුෂ්‍යන්ත, එල්. ජී ශාන්තලාල්, ක්ෂේත‍්‍ර සහායකවරුන් වන ආර්. එම්. අජිත් කුමාර, ජී. ඩබ්ලිව්. රණවීර, අරුණ ශාන්ත යන නිලධාරීහු අලි පැටවා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටියහ.

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles