Divaina - වෛද්‍යවරුන්ට තර්ජනය කර අන්තරාදායක ඖෂධ තුණ්ඩු ලියාගත් තරුණයෝ දෙදෙනා අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කහවත්ත - සමරවීර නිරෝෂණ
 
prescription135වෛද්‍යවරුන්ට තර්ජනය කර බියවද්දා අන්තරාදායක ඖෂධ පෙති මිලදී ගැනීමට වෛද්‍ය නිර්දේශ ලබාගෙන එවැනි පෙති 76 ක් ළඟ තබාගත් තරුණයන් දෙදෙනකු කහවත්ත, අම්බලන්වත්ත ප‍්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 පෙරේදා (23 දා* රාත‍්‍රි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට  ගනු ලැබීය. මොවුන් දෙදෙනා මෙයට පෙරද පුද්ගලික ඩිස්පැන්සරියක් පවත්වාගෙන යන වෛද්‍යවරයකුට තර්ජනය කර අන්තරාදායක ඖෂධ පෙති මිලදී ගැනීමට වෛද්‍ය නිර්දේශයක් ලියා ගෙන තිබූ බවද පරීක්ෂණවලදී අනාවරණය විය.
 
 වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කහවත්ත පොලිසියට භාරදී තිබේ. සැකකරුවන් දෙදෙනා මෙම අන්තරාදායක ඖෂධ පෙති ඖෂධ සැල්වලින් ලබා ගැනීමට වෛද්‍ය නිර්දේශ තුණ්ඩු ව්‍යාජ ලෙස වෙනස් කර ඇතැයිද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
 
 හෙරොයින්වලට ඇබ්බැහි වුවන් ද මෙම පෙති ලබාගන්නා බව පොලිසිය පවසයි. කහවත්ත පොලිසිය විසින් සැකකරුවන් පැල්මඬුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. එක් සැකකරුවකු ළඟ මෙම පෙති 55ක්ද අනෙක් තැනත්තා ළඟ පෙති 21 ක් ද වශයෙන් තිබූ බව පොලිසිය පවසයි.
 
 මේ දිනවල සිදු කෙරෙන අඛණ්ඩ වැටලීම් නිසා රත්නපුර දිස්ත‍්‍රික්කයේ හෙරොයින් මත් කුඩු හිඟයක් ඇතිවී තිබීම නිසා මත් කුඩුවලට ඇබ්බැහිවූවන් මෙවැනි විකල්ප ක‍්‍රියා මාර්ග අනුගමනය කරන බව පොලිසිය පවසයි.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles