Divaina - 83 හැවිරිදි තිදරු මවගේ පිළිස්සුණු මළ සිරුර මිදුලේ... සියදිවි නසා ගත්තාදැයි පොලිසියෙන් පරීක්‍ෂණ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

නිමල් හේමසිරි - රදම්පල

oldlady555
 
 සිය නිවසේ තනිවම ජීවත් වූ 83 හැවිරිදි තිදරු මවකගේ පිළිස්සුනු මළ සිරුරක් ඊයේ (24 දා * දින අළුයම දඔගස්ආර ප‍්‍රදේශයේ ඇයගේ නිවස ඉදිරිපිට මිදුලේ තිබී දික්වැල්ල පොලිසිය සොයාගෙන ඇත.
 
 ලොකු හැන්නදිගේ හීන්නෝනා නමැති මෙම කාන්තාවගේ දියණියක් හා පුතුන් දෙදෙනකු පිට පළාත්වල වාසය කරන බව දික්වැල්ල පොලිසිය කියයි. මෙම නිවස ඉදිරිපිට මාර්ගයෙන් අළුයම 5.25 ට පමණ ගිය ප‍්‍රදේශවාසියකු මුලින්ම ගිනිගන්නා දෙයක් දැක බැලීමේදි බොහෝ සේ ගිනිගෙන තිබූ සිරුර දැක පොලිසියට දැනුම් දී ඇත. ලීටරයේ හා ලීටර් භාගයේ භූමිතෙල් තිබුණු බවට විශ්වාස කරන බෝතල් දෙකක් හා කුප්පි ලාම්පුවක් නිවසේ ඉස්තොප්පුවේ කෙටි තාප්පයක් මත තිබී සොයාගෙන තිබේ. මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර කාන්තාව සියදිවි නසාගත්තාද යන්න පිළිබ`දව දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
 දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති සුදත් චන්ද්‍රකුමාර, උප පොලිස් පරීක්ෂක ජයසේකර යන මහත්වරුන්ගේ මෙහෙවීමෙන් පොලිස් සැරයන් (55983 * ක‍්‍රිස්ටි මහතා පරීක්ෂණ පවත්වති. කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරි ජේ . එම්. පී. චාමින්ද මහතාද සහභාගි වී සිටියේය.

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles