Divaina - සාපෙළ විෂයයන් නවයටම ඒ සාමාර්ථ ලැබූ පාසල් සිසුවකුගේ මළ සිරුරක් බළපිටිය මුහුදු වෙරළෙන් හමුවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

වැලිවිටිය - දිවිතුර උපුල් මහේෂ්
 
 boy222අම්බලන්ගොඩ ප‍්‍රධාන පාසලක දොළොස්වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකුගේ මළ සිරුරක් පෙරේදා (23 දා* පෙරවරුවේ බළපිටිය, හරස්පොල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි.
 
 මෙලෙස හමුවී ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන පිටුවල ලියන බානු සරිත් ද සොයිසා නමැති බළපිටිය පාතේගම පදිංචි 19 හැවිරිදි ශිෂ්‍යයකුගේ මළ සිරුරක් බව පොලිසිය පවසයි.
 
 එම සිසුවා පසුගිය වසරේ අපොස සාපෙළ විභාගයට පෙනී සිට විෂයයන් නවයටම ඒ සාමාර්ථ ලබා ලබන වර්ෂයේ ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යයකු බව පොලිසිය පවසයි.
 
 මෙම සිසුවා මීට දින දෙකකට පෙර නිවසින් අතුරුදන්ව ඇති බව කියමින් ඔහුගේ දෙමාපියන් විසින් පැමිණිලි කොට තිබූ බවද පොලිසිය පවසයි. මේ වනවිට ශිෂ්‍යාගේ දේහය මරණ පරීක්‍ෂණය සඳහා බළපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අහුන්ගල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles