Divaina - නාන කාමරයේදී මියගිය දෙදරු මවගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september


ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
 
 හිනිදුම, තලන්ගල්ල ප‍්‍රදේශයේ දී නිවසක නාන කාමරය තුළදී ඝාතනයට ලක්වූ දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඊයේ (24 දා* අලූයම අත්අඩංගුවට ගත් බැව් හිනිදුම පොලිසිය පවසයි.
 
 අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවූ අයෙකි. මොහු ගුවන් හමුදාවේ සේවය කොට ඉන් ඉවත් වූ අයෙකු බව පොලිසිය පවසයි. මෙකී දෙදරු මවගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමෙන් පසු පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ කරනු ලැබූ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
 
 සැකකරු මුලදී පවසා ඇත්තේ පාසල් ගොස් සිටි දරු දෙදෙනා රැුගෙන නිවසට විත් බලන විට ඇය නිවසේ නාන කාමරය තුළ වැටී සිට ඇති බවයි. එහෙත් පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ දිගින් දිගටම ප‍්‍රශ්න කොට ඇත. එහිදී සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත්තේ නාන කාමරය තුළදී බිරිඳ සමග පොර බැ¥ බවත්, එහිදී ඇය බිම ඇද වැටුණු බවයි. මියගිය කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක පහරදීමේ තුවාල තිබූ බවද පොලිසිය පවසයි.
 
 සැකකරු කලක් සිය බිරිඳ සමග විදේශතව සිට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පසුව මොවුන් දෙදෙනා අතර පවුල් ආරවුල් ඇතිවී තිබෙන අතර මේ ගැන පොලිසියටද පැමිණිලි ලැබී ඇත. පොලිසිය විසින් මොවුන් දෙදෙනා සාමදාන කොට යවා ඇත. සැකකරු උඩුගම මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
 දෙදරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබීය.
 
 හිනිදුම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. එම්. ටී. පත්මකුමාර, ප‍්‍ර.පො.ප. දුණවිල බණ්ඩාර, පො.සැ. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් විසින් මෙකී ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූහ.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles