Divaina - නියං රකුසා පොලොන්නරුවට බැල්ම හෙළයි.. දිනකට ජල ලීටර් 332,000 ක් බෙදාහරිනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

රොෂාන් තුෂාර තෙන්නකෝන් - අරලගංවිල
 
 polonsමේ දිනවල පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 11,676 කට අයත් පුද්ගලයන් 38,697 ක් පානීය ජල අර්බුදයට මුහුණ පා තිබේ.
 
 පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතකට මෙම තත්ත්වය බලපා ඇති අතර වැලිකන්ද සහ දිඹුලාගල ප‍්‍රදේශයට ඉන් වැඩිම බලපෑමක් එල්ල වී තිබේ.
 
 මේ අනුව කුඩා ජලාශවලද ජලය ඉතා ශීඝ‍්‍රයෙන් අඩු වෙමින් පවතින අතර මෙම තත්ත්වයෙන් සතා සිවුපාවාටද දැඩි බලපෑමක් එල්ලකොට ඇත.
 
 තමන්කඩුව, දිඹුලාගල වැලිකන්ද, හිඟුරක්ගොඩ සහ ඇලහැර ප‍්‍රදේශයේ පාසල් දහනවයකට පානීය ජල අර්බුදය බලපා ඇති අතර පාසල් සිසුන් 3751 දෙනකු පීඩාවට පත්ව තිබෙන බව පොළොන්නරු දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
 
 වැලිකන්ද ප‍්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ තමන්ට බවුසර මගින් ජලය බෙදාදෙන නමුත් සාමාන්‍ය ජන ජීවිතයට මෙම ජලය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවයි.
 
 මෙසේ මහවැලි තැන්න ගම්මුන් පානීය ජල අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ පදිංචි වූදා සිට තමන් මෙම පානීය ජල අර්බුදයට මුහුණ දෙන බවත් කිසිදු බලධාරියෙක් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදීමට මෙතෙක් කටයුතු නොකර ඇති බවයි.
 
 බොහොමයක් ජනතාවට පානීය ජල බවුසරය තම ගමට පැමිණෙන තුරු මඟ බලා සිටින අයුරුද අපට දැකගත හැකිවිය.
 
 මේ සම්බන්ධයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ වැලිකන්ද ප‍්‍රදේශයේ ඇතුළු ප‍්‍රදේශ රැුසකට ජල බවුසර විසි දෙකක් මගින් දිනකට ජල ලීටර් 332,000 බෙදාහරින බවයි.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles