Divaina - රාගල වතුයායක අඹු සැමි යුවළක් ගේ ඇතුළේ එකම ඇඳේ මිය ගිහින්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- රෝගී බිරිඳ මිය ගිය පසු සැමියා වස බී ඇතැයි පොලිසිය කියයි

රාගල පොලිස් වසමට අයත් ඩෙල්මාර් වතු යායේ වතු නිවාසයක තිබී මිය ගොස් සිටි අඹුසැමි යුවළකගේ මළ සිරුරු 22 වැනිදා හමු වූ බව රාගල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත සමරකෝන් මහතා පැවසීය.

මෙසේ හමුවී ඇත්තේ වෙල්ලයන් කරුපයියා (70) සහ සීතා ලෙච්චමි (65) යන අයගේ සිරුරුයි.

මිය ගිය දෙදෙනා එම නිවසේ තනිවම ජීවත් වූ බවත්, බිරිඳ වසර ගණනාවක් රෝගාතුරව සිට ඇති බවත් ඇයගේ සැප දුක් සොයා බලා ඇත්තේ ද මිය ගිය සැමියා බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

එම යුවළගේ පුතා විදේශයක රැුකියාවක නිරතව සිටි බවත්, මිය ගිය වෙල්ලයන් කරුපයියා ඔහුගේ බිරිඳ වන සීතා ලෙච්චමී ආදරයෙන් රැුක බලාගත් බවත්, ඇය රෝගාතුර වී නිවසේම මිය ගිය පසු සිත් තැවුලට පත් සැමියා වස පානය කර බිරිඳ ජීවිතක්ෂයට පත් ව සිටි ඇඳ මතම මිය ගොස් ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

තනිවම ජීවත් වූ එම යුවළගේ නිවසේ ඉදිරිපස ප‍්‍රධාන දොරටුව විවෘත නොකළ නිසා ඒ පිළිබඳව සැක සිතූ අසල්වාසීන් ඒ පිළිබඳව රාගල පොලිසියට දැනුම් දීමෙන් පසු රාගල පොලිසියේ නිලධාරීන් විසින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී මිය දෙදෙනාගේ සිරුරු සොයා ගෙන ඇත.

සිරුරු සම්බන්ධයෙන් වලපනේ මහෙස්ත‍්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

නුවරඑළිය නාලක රත්නායක
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles