Divaina - බිරිඳව සපා කෑවා කියා - කඩුවෙන් කෑලි කෑලි කපලා බල්ලකු මරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

තම බිරිඳ සපා කෑවයි කියන සුනඛයකුට කඩුවකින් පහර දී කෑලි කෑලිවලට කපා මරණයට පත් කරන ලදැයි කියන මූල්‍ය ආයතන කළමනාකාරවරයකු මාවනැල්ල කප්පාගොඩ දී 22 වැනිදා රාත‍්‍රී 10ට පමණ මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කප්පාගොඩ පදිංචිකරුවෙකි.

මෙයට සති දෙකකට පෙර මෙම කාන්තාව අසල්වැසි ගෙදරක සිටියදී ඇයගේ කකුල මෙම සුනඛයා විසින් සපා කා ඇත. ඇය මෙම සුනඛයාට මෙයට පෙර පහරදීමක් සිදුකර ඇති බව ද පැවසෙයි.

මෙම සැකකරු සුනඛයා දින ගණනාවක සිට සොයා ඇති අතර 22 වැනිදා හවස 5.30ට පමණ අසල්වැසි නිවසක සිටින බව දැක එම නිවැසියන්ගේ බලවත් විරෝධය මත කඩුවකින් කෑලි කෑලිවලට සුනඛයා කපා දමා මරණයට පත් කර ඇත. ඔහු මෙම අවස්ථාවේ දී බීමත්ව සිටි බව ද නිවෙස් හිමියන් මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව මාවනැල්ල පොලිස් නිලධාරීන් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සපා කා තුවාල ලත් කාන්තාව ද ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසිය වෙත කැඳවා ඇත.

මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

කෑගල්ල එම්.බී. පහලවත්ත

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles