Divaina - පාසල් යනවිටදී කැලයකට ඇදගෙන ගොස් - ඔක්කම්පිටියේ 13 හැවිරිදි සිසුවකුට අතවර කළ දෙදෙනා සොයා පොලිස් පරීක්ෂණ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

dusana3ඔක්කම්පිටිය-නියදැල්ල ප‍්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසයි.

තමා පාසල් යන විටදී කළුතර මාමා සහ රජිත යන අයෙකු ළඳු කැලෑවකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළ බවට ළමයා විසින් පොලීසියට පවසා ඇත. අතවරයට ලක්වූ ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කැර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කැර ඇත. ඔක්කම්පිටිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles