Divaina - කඳුකර කොටි ධේනුවකට ඔළුවට වෙඩි තියලා මරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

koti1හිසට වෙඩි තබා ඝාතනය කර තිබූ කඳුකර කොටි ධේනුවකගේ සිරුරක් මස්කෙලිය බ‍්‍රවුන්ලෝ තේ වත්තේ තිබී 21 වැනිදා හමු වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.

මස්කෙළිය පොලිස් වසමට අයත් බ‍්‍රවුන්ලෝ තේ වත්තේ පාසලට ඉහළින් තේ වත්තේ මිය ගිය කඳුකර කොටියකුගේ සිරුරක් ඇති බවට වතු කම්කරුවන්ගෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මියගිය කඳුකර කොටි ධේනුවගේ සිරුර සොයා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වී ඇත. අවුරුදු 06ක් පමණ වයසැති කොටි ධේනුව හොඳින් වැඩුණු සතෙකු බවත්, කොටි ධේනුවගේ හිසට වෙඩි තුනක් වැදී ඇති බවත් ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය. කොටි ධේනුවට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, මිය ගිය කොටි ධේනුව සම්බන්ධයෙන් හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටි ධේනුවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවත් ප‍්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.

නුවරඑළිය නාලක රත්නායක

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles