Divaina - අනියම් පෙම්වතිය ඝාතනය කර සැකකරුත් දිවි නසාගෙන - දෙදෙනාම විවාහකයන්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මැදිරිගිරිය,පැරකුම්පුර ප‍්‍රදේශයේදී විවාහක පුද්ගලයෙකු සිය අනියම් පෙම්වතිය පිහියකින් ඇන ඝාතනය කර සැකකරුද සියදිවි හානිකරගෙන ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.

එසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇඟළුම් සේවිකාවක වන මැදිරිගිරිය, දියසෙන්පුර, ප‍්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවකි. ඇය පොළොන්නරුව ගිරිතලේ ප‍්‍රදේශයේ පිහිටි ඇඟළුම් කම්හලක රැුකියාව කර ඇති අතර පසුගිය 22 වැනිදා පස්වරුවේ සේවා මුරය සඳහා යෑමට තිබියදී ඒ සඳහා නොගොස් සිය පෙම්වතා හමුවී ඔහුත් සමඟ යතුරු පැදියකින් ගමනක් ගොස් ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඇය නැවත එදින ඇගේ නිවසට පැමිණ නැති අතර පසුව ඇගේ මළ සිරුර මැදිරිගිරිය පොලිස් වසමට අයත් කවුඩුල්ල පිනාමංකඩ අමුණට නුදුරු පාළු වෙල් යායක තිබී 23 වැනිදා උදෑසන හමුවී ඇත. මැදිරිගිරිය, පළමු පියවර, ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි විවාහක එක්දරු පියෙකි. සැකකරු තම ගෙවත්තේ දී සියදිවි හානිකර ගෙන සිටියදී ඔහුගේ මළ සිරුරද පොලීසිය 23 වැනිදා උදේ සොයා ගෙන තිබේ. ඝාතනයට ලක්වූ කාන්තාව සහ එම පුද්ගලයා අතර කාලයක් තිස්සේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් මොවුන් දෙදෙනාම විවාහකයන් බවත් විමර්ශන වලදී හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එහෙත් ඇයව මෙසේ මරා දැමීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ. ඔහු මෙම මිනීමැරුම සිදුකළ බවට ලියා තැබූ ලිපියක්ද ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන උල් පිහියක්ද පොලීසියට හමුවී තිබේ. මෙම මරණය සම්බන්‍ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ පැවැත්වීමට නියමිතව තිබිණි. පොළොන්නරුව ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.පී.ඩබ්ලිව්.යූ. පිටිගල මහතාගේ මෙහෙයැවීමෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

කරුණාරත්න ගමගේ, හිඟරක්ගොඩ අතුල සූරියබණ්ඩාර

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles