Divaina - බෝකුන්දර ගණිකා නිවාසයක් වටලයි අටක් මාට්ටු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 1බෝකුන්දර, ජාලියගොඩ අතර සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ පිළියන්දල පොලිසිය කාන්තාවන් 06 ක් හා කළමනාකරුවන් 2 ක් ඇතු`ථ අටදෙනකු අත්අඩංගුවට ගත් බව ප‍්‍ර.පො.ප. සනත් රංජිත් ලියනගේ මහතා පවසයි.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර තිබෙන අතර එහිදී අත්අඩංගුවට ගත් කාන්තාවන් හයදෙනා කොළඹ, කැස්බෑව, මාතර, නුවරඑළිය හා මස්කෙළිය යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 27 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නියන් බව පොලිසිය සඳහන් කර සිටී. කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති මෙම

මධ්‍යස්ථානය කොරෝනා කාලයේ නවතා තිබී පසුගිය කාලයේ නැවත පටන්ගෙන ඇති බව පොලිස් නිරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 25 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ලබුගම - ඬේවිඞ් ඇන්ටන් ප‍්‍රනාන්දු

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles