Divaina - ජලභීතිකාව හැදුණු නරි රැළක් නිසා චෙම්මනි හා නල්ලූර් ජනතාව භීතියෙන් - ප‍්‍රදේශවාසීහු තිදෙනෙක් මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

nari1ජලභීතිකා රෝගය හැදුනු නරි රැුළක් නිසා යාපනයේ චෙම්මනි නල්ලූර් ඇතු`ථ පළාත් ගණනාවක වැසියෝ මේ දිනවල බියට පත්ව සිටිති. ජලභීතිකා රෝගය වැළදී ඇති නරි එම පළාත්වලත් යාපනය මහනුවර ඒ-9 මාර්ගයේත් තැනින් තැන සැරි සැරීම නිසා කුඩා ළමයින් නිවෙස්වල තනිවම තබා යෑමත් පාසල් යැවීමත් අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.

මේ නිසා මෙම නරින්ගෙන් ආරක්ෂාවීම සඳහා ගම්වැසියෝ දඬු මුගුරු හා පිහි වැනි ආයුධ රැගෙන ගමන් බිමන් යෑමට පටන් ගෙන තිබේ.

කැලයේදී ජලභීතිකා රෝගය වැළදෙන නරි ගම්මානවලට කඩා වැදෙන්නේ බල්ලන්ට සපා කෑමටය. නමුත් ඒ අතරවාරයේ හමුවන ඕනෑම අයකුට සපා කෑමට මෙම නරි පෙළඹී සිටී. මේ වන විට මන්නාරම, යාපනය මුලතිව් යන පළාත්වලින් ජලභීතිකා රෝගය වැළදුණු තිදෙනකු මියගොස් තිබේ. උතුරේ ගොවීන් සිය කුඹුරුවලට භාවිත කරනු ලබන අධික සැර හා විෂ සහිත රසායන ද්‍රව්‍ය කුඹුරේ සිටින කක්කුට්ටන්ට ශරීර ගත වීම නිසා කක්කුට්ටන් අනුභව කරන නරි මියයෑම සීඝ‍්‍රයෙන් සිදුවීම නිසා උතුරේ නරි ගහණය ඉතා බෙහෙවින් අඩු වී තිබේ. නරි ගහණය අඩු වීම නිසා මොණර ගහණය වැඩි වී ඇත්තේ මොණරුන්ගේ බිත්තර අනුභව කිරීමට නරින් නොමැති නිසා බව ගොවීහු පවසති. උතුරේ ඉතිරි වී සිටින නරින්ට ජලභීතිකා රෝගය වැළදීම නිසා එම ප‍්‍රශ්නය ඉතාම බියජනක ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles