Divaina - තවත් පාරක් කපා හෝර්ටන්තැන්න වනසන්න එපා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p2 1- දේශීය වනාන්තර සුරැකීමේ සංගමය ඉඹුල්පේ සභාපතිගෙන් ඉල්ලයි

- ලෝක උරුමයක් ලෙස සැලැකෙන හෝටන්තැන්න ජාතික වනෝiානය නැරඹීමට දැනට මාර්ග දෙකක් විවෘතව ඇතත් බලංගොඩ දෙසින් තවත් එවැනිම මාර්ගයක් ඉදිකිරීමට ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පියවර ගෙන ඇතැයි දේශීය වනාන්තර සුරැකීමේ සංගමයේ සභාපති පරිසරවේදී අතික් නසීර් මහතා පැවැසීය.

ඔහිය හා පට්ටිපොල දෙසින් මාර්ග දෙකක් ඇති අතර තවත් පාරවල් කපා වනය විනාශ නොකළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

නන්පෙරියල් වතුයාය හරහා නැත්රක් දක්වා වාහනවලින් ගොස් එතැන් සිට පා ගමනින් යෑමට මෙම නව ප‍්‍රවේශ මාර්ගය මගින් ඉඩ ලබාදීමට පියවර ගෙන ඇත.

හෙක්ටයාර් 3160 ක විශාලත්වයකින් යුතු මහඑළිය හෙවත් හෝර්ටන්තැන්න 1988 ජාතික වන උයනක් ලෙසත් 2010 යුනෙස්කෝ සංවිධානය මගින් මෙය ලෝක උරුමයක් ලෙසත් ප‍්‍රකාශයට පත්කොට තිබේ.

ශ‍්‍රී ලංකාවේ කඳු අතරින් දෙවැනි තැන ගන්නා කිරිගල්පොත්ත හා තොටුපොළකන්ද ද මෙම හෝර්ටන්තැන්න තුළ පිහිටා ඇත. එමෙන්ම මෙරට විශාලතම ලෝකාන්තය ඇත්තේද මෙහි තුළය.

මෙසේ ඉදිකිරීමට සුදානම් කර ඇති නව පිවිසුම් මාර්ගය දෙපස ඉහළ ජෛව විවිධත්ව ඒක දේශීය පැළෑටි හා උරග හා උභය ජීවීන් මෙන්ම ක්ෂීරපායි කොටස්ද අනතුරට ලක්වනු ඇත.

මෙම නව මාර්ගය නායයෑම් බහුලව සිදුවන ප‍්‍රදේශයක් බවද හඳුනා ගෙන ඇත. බලංගොඩ හෝර්ටන්තැන්න නව මාර්ගය ඉදි නොකරන ලෙස ඊට අදාළ වගකිවයුතු අංශ වෙතින් දේශීය වනාන්තර සුරැුකීමේ සංගමය ඉල්ලා සිටී.

උඩුදුම්බර - ඇස්. අබ්දුල් අසීස්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles