Divaina - අනියම් බිරිඳගේ 18 හැවිරිදි පුතා හොඳටම වෙරිකර දෑත් දෙපා ගැටගසා ඔයක ගිල්වා මරලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

diya1- සැකකාර අනියම්  සැමියා අත්අඩංගුවට

- පාදුක්ක ලියන්වල ප‍්‍රදේශයේ පුද්ගලයකු සිය අනියම් බිරිඳගේ 18 හැවිරිදි පුත‍්‍රයාට බියර් පානය කිරීමට දී වෙරි වූ පසු ඔහුගේ දෑත් දෙපා ගැටගසා ඔයක ගිල්ලවා ඝාතනය කර ඇති අතර පාදුක්ක පොලිසිය මඟින් ඔහුගේ සිරුර පෙරේදා (15 දා* සොයාගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය 29 හැවිරිදි වියේ පසුවන අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයාගේ මව සමග පැවැත්වූ අනියම් පේ‍්‍රම සම්බන්ධතාවට විරෝධය පෑම නිසා උරණ වූ මේ පුද්ගලයා 18 හැවිරිදි තරුණයා මෙසේ ඝාතනය කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ තිළිණ දර්ශන නමැති 18 හැවිරිදි තරුණයෙකි. පාදුක්ක පොලිසිය පවසන අන්දමට තිළිණ දර්ශනගේ පියා වසර කිහිපයකට උඩදී මියගොස් තිබිණි. මොහුට බාල

නැගනියන් දෙදෙනකු සිටින අතර මව වසර දෙකක පමණ කාලයක සිට 29 හැවිරිදි තරුණයකු සිය අනියම් සැමියා ලෙස තබාගෙන සිට ඇත.

එම තරුණයා ද තිළිණ දර්ශනගේ නිවසේම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.

තිළිණ දර්ශන සහ ඔහුගේ මවගේ අනියම් සැමියා අතර නිතර ගැටුම් හටගෙන තිබිණි. ඉකුත් 11 වැනිදා අනියම් සැමියා තිළිණ දර්ශන කැඳවාගෙන ගොස් පාදුක්ක ලියන්වල ප‍්‍රදේශයේ ඔයක් ආසන්නයේ බියර් පානය කර ඇත.

අනියම් සැමියා තිළිණ දර්ශනට වෙරිවන තුරුමට බියර් පානය කිරීමට ලබාදී ඔහුගේ දෑත් දෙපා ගැටගසා ඔයේ ගිල්ලවා තිබේ.

පසුව අනියම් සැමියා නිවසට ගොස් කිසිවක් සිදු නොවූ පරිද්දෙන් සිට ඇත.

තම පුත‍්‍රයා අතුරුදන් වූ බව කියමින් ඔහුගේ මව පාදුක්ක පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාදුක්ක පොලිස් ස්ථානාධිපති ජී. කේ. ඒ. නිශ්ශංක මහතා තිළිණ දර්ශනගේ මවගේ අනියම් සැමියා පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර ඇත්තේ කාලයක පටන් ඔවුන් අතර ආරවුල් පැවති නිසාය.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී තිළිණ දර්ශන තමන් විසින් ඝාතනය කළ බව පිළිගත් මොහු ඔහුගේ සිරුර ගිල්ල වූ ස්ථානය ද පොලිස් නිලධාරීන්ට පෙන්වා ඇත.

ඒ අනුව විමර්ශන කළ පොලිසිය ලියන්වල ප‍්‍රදේශය හරහා ගලාගිය ඔයේ පහළ කොටසේ තිබී තිළිණ දර්ශනගේ මළ සිරුර සොයාගෙන තිබේ.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ජී. කේ. ඒ. ඒ. නිශ්ශංක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක ජයසිංහ ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පැවැත්වූහ.

හේමන්ත රන්දුණු
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles