Divaina - ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා... - ජනපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

re7 2ජනාධිපතිතුමාගේ, අග‍්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළිව ප‍්‍රතික්ෂේප කරන්නැයි සියලූ විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ලැබේ.
 
 ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග‍්‍රාමාත්‍යතුමාගේ, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටිති. සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්‍ෂණය කර ඇත.
 
 විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේදී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතුයි. ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පටිපාටිය අනුවම පමණි.
 
 මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලූ විදුහල්පතිවරුනට දැනුම් දෙයි.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles