Divaina - රෙඞ් ෆාම් අතුවලින් සෙල්ලම් කළ පන්නිපිටිය විදුහලක සිසුන් 16 කට අසාත්මිකතාවක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

re7 1- 16 දෙනාම රෝහල්ගත කරති

- පන්නිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පාසලක 8 ශ්‍රේණියේ  ඉගෙනුම ලබන සිසු සිසුවියන් දහසයදෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ (16 වැනිදා)  දහවල් රෝහල්ගත කළ බව කොට්ටාව පොලිසිය පවසයි.

රෝහල් ගතකළ සිසු දරුවන් අතරේ සිසුවියන් හයදෙනකු වන බව පොලිසිය කියයි.

විදුහල් භූමියේ ඇති රෙඞ් ෆාම් නමැති බූව සහිත ශාකවල ගෙඩි සහිත අතුවලින් විහිළුවට ගහගනිමින් සිටියදී එම ගෙඩි ශරීරයේ දැවටී ආසාත්මිකතාවට ලක්ව ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

එක්වරම සිසු දරුවන්ගේ ශරීරවල පලූ දමා ඇති අතර, ඒ සමඟම ඔවුන් කැසීමට පටන්ගෙන තිබේ.

මෙම ආසාත්මිකතාවට ලක්වූ දරුවන් සියලූ දෙනා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබති.

එම දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles