Divaina - ෆයිනස් වගාව නිසා ජල උල්පත් රැසක සිඳී ගිහින් - පාර්ලිමේන්තු මන්තී‍්‍ර මේජර් සුදර්ශන දෙණිපිටිය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p19 11- බදුල්ල දිස්ති‍්‍රක්  සම්බන්ධීකරණ කමිටුව

- අප රටේ තිබෙන ජල උල්පත් රැුසක් ෆයිනස් වගාව නිසා මේ වන විට සිඳී ගිහින්. එසේම මෙම ෆයිනස් වගාව නිසා මේ වන විට බොහෝ ප‍්‍රදේශවල ජනතාවට බීමට පවා ජලය නොමැතිව ජලය සිඳී ගොස් තිබෙනවා. ෆයිනස් වගාව අපේ රටට විශාල විනාශයක් ගෙන එමින් තිබෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන තිබෙනවා 2025 වන විට අපේ රටෙන් ෆයිනස් වගාව ඉවත් කිරීමට. එමනිසා අපි බදුල්ල දිස්ත‍්‍රික්කයෙන්ද මෙම ෆයිනස් වගාව ඉවත් කළ යුතුුයි. ෆයිනස් මෙන්ම ජලය සිඳීයන ටර්පන්ටයින් වගාව ද බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. අපේ ප‍්‍රදේශයට අහිතකර මෙම වගාවන් ප‍්‍රදේශයෙන් ඉවත් කර ප‍්‍රදේශයට ප‍්‍රදේශයේ පරිසරයට ගැළපෙන ශාක බදුල්ල දිස්ත‍්‍රික්කයේ වගා කිරීමට කටයුතු කළ යුතුයි.

බදුල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා මේ බව පවසා සිටියේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේදීය.

බදුල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මේජර් සුදර්ශන දෙණිපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැුස්වීම බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැරණි ශ‍්‍රවණාගාරයේදී පැවැත්විය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා:- බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආපදාවලට ලක්වූ විශාල පිරිසක් ඉන්නවා. එම නිසා මෙම ආපදාවට ලක්වූ සමස්ත ජනතාවට ඉතා ඉක්මණිින් ඉඩම් ලබාදීමට කටයුතු කළ යුතුයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුා කර මුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම ඉඩම් ලබාදීමේදී අධි අවදානම් කලාපවල ජීවත්වන ජනතාවට ප‍්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන්න.

බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩුවේල් සුරේෂ් මහතා :- වැලිමඩ වර්වික් වතුයායේ වතු නිවාස පේළියක ඇතිවූ ගින්නකින් නිවාස දහතුනක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා. මේකත් ආපදාවක්. නමුත් මේ අයට තවම වන්දි හා නිවාස ලැබිලා නෑ. එම නිසා මේ අයට ඉඩම් ලබාදී වන්දි ගෙවීමට කටයුතු කරන්න.

බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය :- වර්වික් වතු නිවාසවල ගින්නකින් වතු නිවාස රැුසක් ගිනිගෙන තිබෙනවා. නමුත් එම ගින්නෙන් හානි වූ දේපළ සඳහා දැනට තිබෙන නීති අනුව අපට ආපදාවලින් ගෙවන්න බෑ. මෙම

ගිනිවලට ආපදා මුදලින් ගෙවන ක‍්‍රමයක් නෑ.

දිස්ත‍්‍රික් සංවර්ධන කම්ටුවේ සභාපති මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා :- මෙම ජනතාව වතුයායේ වැඩකරන ජනතාව. එම නිසා මෙම

ගින්නට හසුවීමෙන් විනාශ වුණ නිවාසවල ජනතාවට යමක් කළ යුතුයි. මෙම ජනතාවගේ නිවාස නැවත ඉදිකර ගැනීම සඳහා පළාත් සභාවෙන් සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ටකරන් සහ සිමෙන්ති ලබාදීමට කටයුතු කරන්න. මෙම නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය බ්ලොක් ගල් වතුයායේ වතු සමාගමින් ලබාදීමට කටයුතු කරන්න.

බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා :- හාලිඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගහ ප‍්‍රදේශයේ නායගිය පවුල් මලිත්ත ප‍්‍රදේශයේ පදිංචි කිරීමට ගියවිට ගැටලූ ඇතිවෙලා. මේ වන විට ප‍්‍රදේශයේ ජනතාව මෙයට විරුද්ධ වෙනවා. අපි පසුගිය කාලයේ මේ අය පදිංචි කිරීමට ගියවිට හාලිඇළ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත කන්නන්ගර මහතා විරුද්ධවී මෙය නතර කළා. දැනුත් අපේ අයම මේකට විරුද්ධ වෙනවා. එම නිසා මේ අය එම ස්ථානයේ පදිංචි කිරීමට කටයුතු කරන්න.

හාලිඇළ ප‍්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක මහතා. :- මේ වන විට ප‍්‍රදේශයේ දැඩි ජල හිඟයක් පවතිනවා. අපේ ප‍්‍රාදේශීය සභාව මගින් ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා ජල බවුසර් වෙනුවෙන් විශාල පිරිවැයක් දරනවා. අපිට මෙම ජනතාවට ජලය ලබාදීම සඳහා ජලය ලබාගන්න වෙන්නෙත් මුදල් දීලා. එම නිසා මෙම ජනතාවට ජලය ලබාදීමට ජලය ටිකවත් නොමිලයේ ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රුවන් ලියනගේ මහතා:-

අපේ ආයතනය මගින් අපිට ජලය නොමිලයේ දෙන්න ක‍්‍රමවේදයක් නෑ. මේ වනවිට අපිටත් දැඩි ජල හිඟයක් තිබෙනවා. එම නිසා අපිත් උමාඔයෙන් ජලය ලබා ගන්නෙ මුදල් ලබාදීල.

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා :- උග‍්‍ර පානීය ජල හිඟය අපේ දිස්ත‍්‍රික්කය පුරාම පවතිනවා. මහියංගණ, රිදීමාලියද්ද, කන්දකැටියට පමණක් නොවෙයි. බණ්ඩාරවෙල, වැලිමඩ, ඌවපරණගමටත් දැඩි පානීය ජල හිඟයක් පවතිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පවතිනවා 2025 වන විට සෑම නිවසකටම නළ ජලය සපයා දීමට. ඒ යටතේ අපි අපේ දිස්ත‍්‍රික්කය තුළත් ජල ව්‍යාපෘති කීපයක් ආරම්භ කරනවා. එතෙක් ප‍්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාදීමට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින ජල බවුසර් පළාත් පාලන ආයතනවලට ලබාදීමට කටයුතු කරන්න.

බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා :- වර්ෂා අවස්ථාවලදී බදුල්ල නගරයේ දයා ගුණසේකර මාවතේ වාරිඇළ උතුරායමින් බදුල්ල පළාත් මහා රෝහලට පැමිණෙනවා. මෙම වැසි ජලයත් සමග විශාල ලෙස අපද්‍රව්‍ය රැුසක් රෝහල් භූමියට පැමිණෙන හෙයින් රෝහලේ සියලූ දෙනාම දැඩි අපහසුතාවයට පත්වෙනවා. එම නිසා මෙම ඇළ උතුරායෑම වැලැක්වීමට නිසි ක‍්‍රමවේදයක් යොදන්න.

රිදීමාලියද්ද සහකාර ප‍්‍රාදේශීය ලේකම් ලක්මාලි අත්තනායක මහත්මිය :- රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන අලින් නිසා දැඩි තර්ජන එල්ලවී තිබෙනවා. වන අලින් ගම්වැදීම වැළැක්වීම සඳහා විදුලිවැටක් ඉදිකරන බව පැවසුවත් මෙතෙක් ඉටුවී නෑ. එම නිසා මේ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

වනජීවී දෙපාර්තමේන්තුවේ රංදෙණිගල අඩවි වන ආරක්ෂ නිලධාරි සිසිර රත්නායක මහතා :- මෙම ප‍්‍රදේශයට වන අලින් පැමිණීම වැළැක්වීම සඳහා කිලෝමීටර් විස්සක විදුලි වැටක් අනුමතවෙලා තියෙනවා. මෙම විදුලි වැට පසුගිය වසරේ අනුමත වුණත් එය ඉදිකිරීම සඳහා මුදල් ප‍්‍රතිපාදන තිබුණේ නෑ. මෙම වසරේ මුදල් ප‍්‍රතිපාදන ලැබෙයි කියල බලාපොරොත්තු වුණත් තවම මුදල ලැබුණෙ නෑ. මුදල ලැබුණු විගස මෙම විදුලිවැට ඉදිකර වන අලින් ගම්වැදීම වැළැක්වීමට කටයුතු කරනවා.

මෙම බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා බදුල්ල දිස්ත‍්‍රික්කයේ සියලූ රාජ්‍ය හා අර්ධ රාජ්‍යවල ආයතන ප‍්‍රධානීන් රැසක්ද සහභාගී වූහ.

බණ්ඩාරවෙල - කරුණාරත්න පල්ලේගම

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles