Divaina - කොල්ලකරු සමග පොර බදා මුදලාලි ගිනිඅවිය කඩයි... කොල්ලකරු මුදලාලිට පිහියෙන් ඇන පනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ආර්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල
 
ginis ආයුධ සන්නද්ධව ගොකරැුල්ල පොලිස් වසමේ මඳුරාගොඩ ‘සම්පත් වෙළෙඳසල’ කොල්ලකෑමට වෙස්වලා ගෙන පැමිණි කොල්ලකරු සමග පොරබදා වෙළෙඳසල් හිමියා ඔහුගේ ගිනිඅවිය දෙකඩ කර ඇති අතර කොල්ලකරු වෙළෙඳසල් හිමියාගේ උදරයට පිහියෙන් ඇන පලාගොස් ඇත.
 
 පසුගිය 14 වැනිදා පෙරවරු 9.00 ට පමණ අඳුනාගත නොහැකි වන සේ සැරසී මුහුණු ආවරණය කර ගිනිඅවියක් රැුගෙන වෙළෙඳ සලේ පිටුපසින් රහසිගතව ඇතුළුවීමට සූදානම් වෙද්දී නාඳුනන පුද්ගලයා සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය දෙකඩ කළ බවත් පොරබැදීමේ දී තමාගේ උදරයට සැකකරු පිහියෙන් ඇන්න බවත් ‘සම්පත් ස්ටෝර්ස්’ අධිපති ජගත් රේනුක (48* මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ‘දිවයින’ට පැවසීය.
 
 මෙම සිදුවීමෙන් පසු කොල්ලකරු රැුගෙන ආ කඩුවක් සහ උල් පිහියක් එම ස්ථානයේ දී පොලිසිය විසින් සොයා ගෙන ඇත. කඩා දමා තිබූ ගිනි අවිය බෝර 12 ගිනි අවියක් බව පොලිසිය පැවසීය.
 
 කොල්ලකරුගේ ඉලක්කය වූ සම්පත් වෙළඳසලට අමතරව මෙම ප‍්‍රදේශයේම පිහිටි ග‍්‍රාමීය බැංකුවක් මෙවැනිම ගිනි අවියක් පෙන්නා බැංකු නිලධාරිනිය බියවද්දා කොල්ලකෑමට උත්සහා දරා ඇතත් එම සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.
 
 පොලිසිය සැකකරු අත්අඩංගුවට
 
 ගැනීමට පොලිස් සුනඛයන් යොදා කටයුතු කළත් ඊයේ සවස් වන විටත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.
 
 මෙම සැකකරු සම්බන්ධ තොරතුරක් ඇත්නම් වහාම ගොකරැුල්ල පොලිසියට දැනුම් දෙන මෙන් පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඞී.ඇම්.ටී.
 
 ගනේගම මහතා පැවසීය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ලලිත් චන්ද්‍රකුමාර ඇතුළු පොලිස් නිලධාරීහු මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වති.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles