Divaina - මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතියගේ... නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියා පෙම්වතා ලිංගික අල්ලස් ඉල්ලලා.. සැකකරු චෝදනා ප‍්‍රතික්‍ෂේප කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
 
nudesනිවසේ නාන කාමරයේ සිට ලබාගත් නිරුවත් ඡුායාරූප නවීන තාක්‍ෂණය ඔස්සේ තම පෙම්වතාට ලබාදීමෙන් අනතුරුව එම ඡුායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් තම පෙම්වතා සිය ලිංගික අවශ්‍යතා බලෙන් ලබා ගැනීමට තැත් කරන බවට තරුණියක විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.
 
 පැමිණිලිකාරිය පානදුර ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයගේ පෙම්වතා යැයි කියන අය මිනුවන්ගොඩ, නිල්පනාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි. අන්තර්ජාල පහසුකම් මත (ෆේස්බුක්* දෙදෙනා හඳුනාගෙන පසුව පෙම්වතුන් බවට පත්ව ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. පැමිණිලිකාරියගෙන් ලද පැමිණිල්ල මත සැකකාර පෙම්වතා පොලිසියට ගෙන්වා ඔහුට චෝදනා කියවා දුන්නද සැකකරු එම චෝදනාව ප‍්‍රතික්‍ෂේප කළ බව පොලිසිය පවසයි. දෙදෙනා දැන් විරසක වී ඇති බවත් අධිකරණ නියෝග මත සැකකරුගේ ජංගම දුරකථනයේ සවිස්තර වාර්තාවක් දුරකථන සමාගමෙන් ලබාගෙන සැකකරුට විරුද්ධව නීති මගින් කි‍්‍රයා කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles