Divaina - ව්‍යාජ දොස්තරවරියක් අත්අඩංගුවට... සම පැහැපත් කරන ප‍්‍රතිකාර ගැන අන්තර්ජාලයේත් දැන්වීම් දමලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

බියගම - සුදත් පුබුදු කීර්ති
 
 dokisවෛද්‍යවරියක් ලෙස රඟපාමින් වසරකට අධික කාලයක් තිස්සේ මාවරමංඩිය, සියඹලාපේ, දික්වෙල ප‍්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යමින් රෝගීන්ට බෙහෙත් ලබාදුන් තිස් දෙහැවිරිදි අවිවාහක කාන්තාවක් මීගහවත්ත පොලිසිය විසින් පෙරේදා (13 දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 වෙනත් වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකයක් යොදා ගනිමින් සකස් කළ නිල මුද්‍රාවක් භාවිතා කරමින් ඖෂධ නිකුත් කිරීමේ නිරතව සිටි මෙම කාන්තාව උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා ප‍්‍රතිකාර ලබාදී ඇති බව පොලිසිය කියයි. මීට අමතරව ඇය විසින් කාන්තාවන්ගේ සම පැහැපත් කිරීමේ ප‍්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ඇති අතර ඒ අනුව පුත්තලම ප‍්‍රදේශයේ වයස අවුරුදු හතළිස් දෙකක් වූ කාන්තාවක් දික්වල ප‍්‍රදේශයේ පිහිටි ඇයගේ බෙහෙත් ශාලාවට පැමිණ සම පැහැ ගැන්වීම සඳහා බෙහෙත් එන්නත් කරවාගෙන ඇත. පසුව එම කාන්තාවට ආසාත්මිකතාවක් හටගෙන ශරීරයේ පලූ දැමීමට පටන්ගෙන ඇත.
 
 පසුව ඇය මේ පිළිබඳව සැක සිතී මෙම ව්‍යාජ වෛද්‍යවරිය සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ඇය ව්‍යාජ වෛද්‍යවරියක් බවට දැන ගැනීමෙන් පසු මීගහවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. මීගහවත්ත පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංගනී මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම බෙහෙත් ශාලාව වටලා ව්‍යාජ නිල මුද්‍රා, ලිපි ශීර්ෂ සමග ඇය අත්අඩංගුවට ගෙන ඇත. තඹුත්තේගම ප‍්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව ඇගේ පෙම්වතා පදිංචි සියඹලාපේ දික්වෙල ප‍්‍රදේශයේ මෙම ව්‍යාජ බෙහෙත් ශාලාව වසරක් පුරා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
 
 සැකකාර කාන්තාව මහර මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. ඒ. විමලරත්න, පොලිස් සැරයන් (35434* සුමේද, පොලිස් කොස්තාපල්වරුන් වන (88789* රාජපක්ෂ, (2891* ඉනෝකා යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.
 

 

 
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles