Divaina - නවතා තිබූ මෝටර් රථයේ යතුරුපැදිය ගැටී සැරයන් මරුට.. කොස්තාපල්ට බරපතළයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ සහ නෙවිල් පතිරණ
 
 kostadedපොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් කොළඹ නුවර මහා මාර්ගයේ හොරගොල්ල ප‍්‍රදේශයේදී නවතා තිබූ මෝටර් රථයක
 
 ගැටී අනතුරකට ලක්වීමෙන් සැරයන්වරයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
 
 මෙම නිලධාරීන් දෙදෙනාම පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සිටි බවත් පස්යාල ප‍්‍රදේශයේ පදිංචි මෙම නිලධාරීන් පෙරේදා (13 දා* සවස සේවය නිමවා එකම යතුරුපැදියකින් පැමිණෙද්දී අනතුර සිදුවී තිබේ.
 
 යතුරුපැදිය පදවා ඇත්තේ මියගිය පොලිස් සැරයන් නිහාල් රංජිත් නමැති අය බවත් ඔහු දෙදරු පියෙකු බවත් පරීක්‍ෂණ පවත්වන නිලධාරීහු පැවසූහ. රෝහල්ගත කර ඇති පොලිස් කොස්තාපල් සුභාස්චන්ද්‍ර නමැති අයද විවාහකයකු බවත් ඔහුගේ තත්වයද බරපතළ බවත් ඔවුහු පැවසූහ. නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

 
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles