Divaina - විශ්‍රාමික කතගේ රන් මාලයට විද්ද 'ජැන්ඩි හොර' නිදැල්ලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 මහරච්චිමුල්ල - සිසිර සරත් අබේකෝන්
 
 හිඟ විශ්‍රාම වැටුප් දීමනාවක්‌ ගෙවීමට ඇති බව පවසා අලව්ව, පරමාඋල්ල ප්‍රදේශයේ විශ්‍රාමික වයස්‌ගත කාන්තාවකගේ පවුම් එක හමාරක්‌ බර රත්තරන් මාලයක්‌ බැංකු සේවකයන් යෑයි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් රැගෙන පලාගොස්‌ ඇති බව අලව්ව පොලිසිය පවසයි.
 
 සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කාන්තාවක්‌ මෙම රැවටීමට ලක්‌ව ඇති බවත් ඇයගේ නිවසට දහවල් කාලයේ යතුරුපැදියකින් පිළිවෙළකට ඇඳ පැළඳ ගත් තරුණයන් දෙදෙනකු පැමිණ ඇත. තම නිවසට පැමිණි තරුණයන් දෙදෙනා විශ්‍රාමික කාන්තාව විසින් කාරුණිකව පිළිගත් අතර ඔබතුමිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයෙක්‌ බවත් අපේ බැංකුවට හිඟ විශ්‍රාම වැටුප් දීමනා මුදලක්‌ ලැබී ඇති බවත් ඒ සඳහා රුපියල් දහනවදාහක මුදලක්‌ බැංකුවේ තැන්පත් කළ යුතු බවත් මේ වෙලාවේ මුදල් නොමැතිනම් රත්තරන් භාණ්‌ඩයක්‌ හෝ තැන්පත් කරන්නැයි පවසා තිබේ. එම මුදල තැන්පත් කිරීමෙන් පසු හිඟ විශ්‍රාම වැටුප් දීමනාව ඔබතුමියට ගෙවීමට හැකි බවත් එලෙස තැන්පත් කරන මුදල හෝ රත්තරන් භාණ්‌ඩය ආපසු ලබාදෙන බවත් පවසා ඇත.
 
 රැවටීමට ලක්‌වූ විශ්‍රාමික කාන්තාව මේ වෙලාවේ නම් එපමණ මුදලක්‌ නොමැති නිසා ඇය ළඟ තිබූ පවුම් එකහමාරක්‌ බර රත්තරන් මාලය වංචනික තරුණයන්ට ලබාදී තිබේ. නාඳුනන තරුණයන් දෙදෙනා රත්තරන් මාලය රැගෙන පලාගොස්‌ ඇති අතර විශ්‍රාමික කාන්තාව අදාළ බැංකු ශාඛාවට ගොස්‌ හිඟ විශ්‍රාම වැටුප් ලබාගැනීම සම්බන්ධව හා රත්තරන් මාලයක්‌ මෙම බැංකුවේ නිලධාරීන් යෑයි කියාගත් දෙදෙනකු රැගෙන ආවා යෑයි කාන්තාව නිලධාරීන්ට පවසා තිබේ. බැංකු නිලධාරීන් විසින් එවැනි විශ්‍රාම වැටුපක්‌ බැංකුවට ලැබී නැති බවත් එවැනි නිලධාරීන් අප ආයතනයේ නොමැති බවත් පැවසීමෙන් පසු කලබලයට පත් කාන්තාව ඇයට සිදුවූ සිදුවීම තේරුම් ගෙන අලව්ව පොලිසියට ගොස්‌ පැමිණිලි කර ඇත.
 
 ඒ අනුව ක්‍රියාත්මක වූ අලව්ව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ටියුඩර් අබේවික්‍රම මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් පරීක්‍ෂණ පවත්වමින් කියා සිටියේ මෙවැනි වංචනික පුද්ගලයන් ඔබගේ නිවෙස්‌ වෙත පැමිණ විවිධ උපක්‍රම භාවිත කරමින් මුදල්, රත්තරන් භාණ්‌ඩ රැගෙන යන්න පුළුවන්. නාඳුනන පුද්ගලයන් ඔබේ නිවසට කැඳවා ගැනීමෙන් වළකින ලෙසත් එවැනි සැක සහිත පුද්ගලයන් පැමිණි විට ළඟම ඇති පොලසියට දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටියහ.
  

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles