Divaina - ජී. ඇම්. අජිත් නැති හිඩස කවි ලෝකයේ පුරවන්න බැහැ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ajik555
 
 කඩුවෙල - සුගත් පේ‍්‍රමතිලක සහ මල්වාන නිහාල් හේමන්ත
 
 ‘‘ ජී. ඇම්. අජිත් කියලා කියන්නේ මේ රටේ සිවුපද කවිය වෙනුවෙන් වචනයෙන් විස්තර කරන්න බැරි තරමේ සේවයක් කරපු දැවැන්තයෙක්. ඒක සුවිශාල මෙහෙවරක්. මෙතෙන්ට අද හු`ගක් කවියෝ ඇවිල්ල හිටියත් අපි ඔක්කොම එකතු වෙලා කවියට කරපු සේවයට වඩා වැඩි සේවයක් ජී. ඇම්. අජිත් කරලා තියෙනවා. මේ ගමනෙදී අජිත්ට බාධක, කම්කටොලූ ආවා. නමුත් කොච්චර අසීරු අවස්ථාවකදීවත් අජිත් කවිය අතහැරියේ නැහැ. කවි පරපුර අතහැරියේ නැහැ. කවි මඩුවලින් කරන්න ඕනෑ දේ කවි මඩුවලින් කළා. කවි සංවාදවලින් කරන්න ඕනෑ දේ කවි සංවාදවලින් කළා. පැය 24 න් කරන්න ඕනෑ දේ පැය විසිහතරෙන් කළා. අජිත් කවියා ජීවිතයම කැපකළේ කවි රසවිඳින පරපුරක් බිහි කරන්නමයි.’’
 
 වාද්¥ව විවේකාරාමාධිපති නෙලූම්දණ්ඬේ විමලසාර හිමියන් එම අනුශාසනාව කළේ සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ලේකම් සහ සිංහල තරුණ කවි සමාජයේ (සි. ත. ක. ස* ලේකම් ජී. ඇම්. අජිත් කවියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙමිනි. දේහය පිළිබඳ ආගමික වතාවත් රාජගිරිය, නාවල පිහිටි නිවසේදී සිදු කිරීමෙන් අනතුරුව දේහය දර්ශනීය රිය පෙරහැරකින් බැද්දගාන පොදු සුසාන භූමිය වෙත රැුගෙන ඒම සිදුවිය.
 
 මෙහිදී වැඩිදුරටත් අනුශාසනා සිදුකළ හිමියෝ මෙසේද පැවසූහ.
 
 ‘‘ජී. ඇම්. අජිත් සි.ත.ක.ස අරඹන කොට ගත්ත තීන්දු තීරණවල තිබ්බ වැදගත්ම තීරණයක් තමා ආධුනික කවි කිවිඳියන් මෙන්ම තරුණ පිරිස් පුළුවන් තරම් එක්කර ගැනීම කවියෙක් වෙන්නෙ ලක්‍ෂයකට එක්කෙනෙක් කියලා කියන්නේ. දුර්ලභ ගනයේ චරිතයක්. අපිටත් භාගයක් තිබුණා ඒ වගේ චරිතයක් ඇසුරු නිසුරු කරන්න. හැබැයි ඔහුගේ අභාවයෙන් මේ වෙලා තියන හිඩස පාඩුව අලාභය මොන විදිහකින් පියවන්නද කියලා මට තේරෙන්නෙ නෑ. මම ඉල්ලා සිටිනවා සියලූම කවි කිවිඳියන්ගෙන් අජිත් කවියාගේ නාමයෙන් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෑ කියලා. කවිය කියන මාතෘකාවේදී අපි එකතු වෙමු කියලා ඉල්ලා සිටිනවා.’’
 
 සීතාවක පරිවේණාධිපති බෝතලේ ඥාණිස්සර හිමි - අපි හිතුවේ නැහැ. මෙච්චර ඉක්මනට අජිත් කවියා අපෙන් සමුගනියි කියලා. කවියට අනූපමේය සේවයක් කළ චරිතයක්. මේ නිවසෙම තිබුණ අජිත් මහත්තයගේ පියාගේ ඒ කියන්නේ ජී. ඇම්. පියදාස මහත්තයගෙ පාංශුකූලයටත් දැනට අවුරුදු 57 කට පෙර මම වැඩියා හත් දවසෙ ධර්ම දේශනාව සිදුකළෙත් මම. මට තාම මතකයි එදා මට මිලින්ද ප‍්‍රශ්නය කියන පොත පූජා කළා මේ නිවසින්. එතකොට අජිත් ඉතා කුඩා දරුවෙක්.
 
 මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගෙ සංස්කෘතික කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස එකට කටයුතු කළා. ඒකෙනුත් රජය හරහා විශාල මෙහෙයක් කවියට කරන්න පුළුවන් වුණා. එතුමා සැලසුම් කරල තිබුණෙ ඊළ`ග කවි සම්මේලනය බුලත්සිංහල ප‍්‍රදේශයේ තියන්න. මගේ පන්සලට ආපු වෙලේ ඒක මට කිව්වා.
 
 අපිට සදාකාලික උරුම දෙයක් තමයි මරණය. ඒ ධර්මතාවය ජී. ඇම්. අජිත්ටත් එකසේ උරුමවුණා. සිංහලකම, සිංහල කවිය වෙනුවෙන් බොහෝ ගැහැට විඳිමින් කවියට හිතැති අලූත් පරම්පරාවක් ඉතිරි කරලා තියලයි එතුමා සමුගත්තේ.
 
 මෙම අවස්ථාවට සහභාගි වූ මහා සංඝරත්නය වෙනුවෙන් උඩුගම හේමසාර හිමි, ගාල්ලේ අතුලනන්ද හිමි, දමුනුපොල සුමනසිරි හිමි යන හිමිවරු කාව්‍යමය අනුශාසනා පැවැත් වූහ. බස්නාහිර පළාත් සභා හිටපු ඇමැති හෙක්ටර් බෙත්මගේ, හිටපු මන්ත‍්‍රී මහින්ද කුරුවිටගේ යන මහත්වරුද සභාව ඇමතූහ. රතුපස්වල ලලිත් පේ‍්‍රමතිලක, මාලබේ සුචිත‍්‍ර කොළඹගේ යන කවීහු දෙදෙනා විසින් අවමංගල සභාව මෙහෙය වූහ. පැමිණ සිටි කවීන් කවි දෙකකින් මේ කඳුළු බර මොහොත සිහිකළ අතර මළහිරු කෙමෙන් බැසයන මොහොතේ බැද්දගාන පොදු සුසාන භූමියේදී ජී. ඇම්. අජිත් කවියා දැයට සමුදීම 13 වැනිදා සිදුවිය.

 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles