Divaina - නීතිපති තනතුර ඉවත් කරන්න ආණ්ඩුව පිඹුරුපත් සකසනවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල
 
asok වර්තමාන ආණ්ඩුව 2/3 ක බලය යොදාගෙන 20 වැනි සංශෝධනය ගෙනැල්ල නීතිපති තනතුරෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සකස් කරන බවට තොරතුරු ලැබී තිබෙන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.
 
 මන්ත‍්‍රීවරයා එසේ කියා සිටියේ ඊයේ (14 දා* ඔහුගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය. මේ ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගේන්න යන්නේ වර්තමාන නීතිපති සමග තිබෙන ප‍්‍රශ්නයකට. නීතිපතිවරයා ආණ්ඩුවට ඕනෑ විධියට හැසිරෙන්නේ නැත්නම් මේ නීතිපති ඉවත් කරලා ඒ අයට ඕන විදියට හැසිරෙන නීතිපතිවරයෙක් පත් කිරීමට මේ වනවිට පිඹුරු පත් සකස් කරමින් සිටිනවා. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය තනතුරෙන් ඉවත් කළේ සමෘද්ධි පනත එදා ආණ්ඩුවට අවශ්‍ය විධියට වෙනස් නොකළ නිසායි.
 
 මේ ආණ්ඩුව 2/3 ක බලය යොදාගෙන නීතිපතිවරයා ඉවත් කරනවා වගේම පුරාවිද්‍යා පනතේ අණපනත් වෙනස් කළොත් ඒ වගේම 19 වැනි ව්‍යවස්ථාවෙන් සම්මත ස්වාධීන කොමිෂන් වෙනස් කළොත් බලය දුන්න රටේ ජනතාවම අවුරුදු 5 යන්න කලින්ම තීරණයක් ගනීවි.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles