Divaina - ආණ්ඩුකාර තනතුර හරි ලැබුණොත් මගේ වැඩ කොටස පෙන්වනවා.. ටී.එන්.ඒ. ඉවරෙටම ඉවරයි:

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
 karuna‘‘පාර්ලිමේන්තු යන්න මට වරම් නැති වුණත් ආණ්ඩුකාරකමක් දුන්නොත් මම උතුරු - නැගෙනහිර ජනතාව වෙනුවෙන් උපරිම වැඩක් කරලා පෙන්වනවා. ඒ සඳහා මට අවස්ථාව පවරයි කියලා මම හිතනවා’’ යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා ‘දිවයින’ ට ඊයේ (14 දා* පැවසීය.
 
 මට ඡුන්දය දුන් තිස්දහසකට අධික ජනතාවට මම යම් සේවයක් ඉටුකළ යුතු යැයිද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතාකළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා,
 
 ‘‘මම උතුරේ වගේම නැගෙනහිර ජනතාව වෙනුවෙනුත් උපරිම සේවයක් ඉටුකළා. ඒක ඒ ජනතාව හොඳාකාරවම දන්නවා. ඒ වගේම මම නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරපු කාලයේ යුද්ධය නිසා නිවාස අහිමි වූ අය නැවත රජයෙන් තනාදීපු නිවෙස්වල පදිංචි කෙරෙව්වා. ඒ සඳහා එදා හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙනුත්, ආරක්ෂක ලේකම් වෙලා හිටිය ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිතුමා ගෙනුත් පූර්ණ දායකත්වය ලැබුණා. මේ පාර මැතිවරණයේදී මට පාර්ලිමේන්තු යන්න වරම් නැතිවුණා. කොහොම වුණත් මට දැන් ආණ්ඩුකාර තනතුරක් හරි ලැබුණොත් මම මගේ වැඩ කොටස පෙන්වනවා. මම ආසාවෙන් ඉන්නේ ජනතාවට සේවයක් කරන්න. දැන් රට ලස්සනට ගමන් කරනවා. මේ ආණ්ඩුව පත්වීමත් එක්ක උතුරු නැගෙනහිර ජනතාව හරිම සතුටින් ඉන්නෙ. ටී. එන්. ඒ. එක ඉවරෙටම ඉවරයි. අපේ දෙමළ ජනතාව වුණත් දන්නවා කව්ද වැඩ කරන්නෙ කියලා’’

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles