Divaina - ජනාධිපතිට ආරක්ෂක ඇමැති ධුරය දැරීමට ව්‍යවස්ථාවෙන් අවසරයක් නෑ...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සමගි ජන බලවේගයේ මයන්ත දිසානායක

 
අකිත පෙරේරා
 
 mayasආරක්ෂක අමාත්‍යාංශයේ ඇමැති ධුරය දැරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අවසරයක් නැති බැවින් වහාම වෙනත් ඇමැතිවරයෙක් ඒ සඳහා පත්කර ගත යුතු යැයි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත මයන්ත දිසානායක මහතා පැවසීය. සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (14 දා* පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
 
 සමගි ජන බලවේගය සමග මෙම මැතිවරණයේදී අත්වැල් බැඳගත් සියලූම දෙනාට අපේ ස්තුතිය පළකර සිටිනවා. ඒ වගේම අපි ආරාධනා කරනවා අනෙක් තරුණ තරුණියන්ටත් සමගි තරුණ බලවේගය සමග එක් වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
 
 අද වන විට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය තමන් වෙත පවරා ගෙන තිබෙනවා. ඒ වගේම තමයි අගමැතිවරයාට දැන් වයස අවුරුදු 76 ත් ඉක්මවලා තිබෙනවා. ඔහු යටතේ ආසන 85 කට වැඩිය ගැසට් කරලා තිබෙනවා. අමාත්‍යාංශ රාශියක් එතුමා යටතේ තිබෙන්නේ. දැන් මේ අය අලූත් ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. නමුත් අපි ඒ ගැන කිසිම දෙයක් දන්නේත් නෑ. මෙය ඉතාම භයානක තත්ත්වයක්.
 
 රාජපක්ෂවරුන්ටම පමණක් සීමා වුණු ආණ්ඩුවක් හදාවි කියන බිය අපිට තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා රාපක්ෂවරුන් යටතේ එක් පවුලකට යටත් නොවී අපි සමග එක් වෙන්න.
 
 මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග එක් වෙන්න කියලා. අපිට ඉතා පැහැදිලි පණිවුඩයක් මේ රටේ ජනතාව ලබා දී තිබෙනවා. අපි ඉදිරියේදී බිම් මට්ටමින් පාක්ෂිකයන් ඒකරාශී කර ගනිමින් අනාගත ආණ්ඩුවක් සෑදීමේ මූලික යාන්ත‍්‍රණය සකසා ගෙන යනවා. අපේ සංවිධානය තවදුරටත් ශක්තිමත් කරන්න සහයෝගය ලබා දෙන්න කියලා මම නැවතත් ඉල්ලා සිටිනවා.
 
 ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයන්ට ඉදිරිපත් වීමට පුවත්පත් දැන්වීමක් දැමීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැනට එක්සත් ජාතික පක්ෂයේ තිබෙන විවිධ ප‍්‍රශ්න නිසා අපිත් සමග පාක්ෂිකයන් එකතු වෙනවා. නමුත් පළාත් සභා සම්බන්ධයෙන් මේ ආණ්ඩුව කුමන පියවරක් ගනීවිද? පළාත් සභා අහෝසි කරයිද කියලාත් අපි දන්නේ නෑ.
 
 හැබැයි අපි දේශපාලන පක්ෂයක් ලෙස අපි ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක්. එම තත්ත්වය අපි ඉදිරියටත් පවත්වා ගෙන යනවා. අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි කියලා.
 
 නමුත් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවත්වා ගෙන යනවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. අපි මෙය හෙළා දකිනවා.

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles