Divaina - කම්කරුවකු ලෙස සේවය කරන සැමියා රවටා මත්කුඩු පානය කළ බිරිඳට වැඩ වරදී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


මාතර අමල් තුෂාර
 
 lady135දෛනිකව මත්කුඩු පානය කිරීමට තදින් ඇබ්බැහි වූ කාන්තාවක් දික්වැල්ල පෘතුගහහේන ප‍්‍රදේශයේදී පෙරේදා (12දා* අත්අඩංගුවට ගත් බව දික්වැල්ල පොලිසියේ දුෂණ මර්දන අංශය පැවැසීය.
 
 49 හැවිරිදි සැකකාරිය සිය ස්වාමිපුරුෂයා රවටා ඔහුගෙන් ණය මුදල් ගෙවීමට යැයි පවසා මුදල් ලබාගෙන එම මුදලින් මත්කුඩු ලබා ගෙන, ඇය ද පානය කර ඉතිරි මත්කුඩු තවත් මත් ලෝලින්ට මුදලට විකුණා ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ෂණයන්හිදී අනාවරණය වී ඇත. සැකකාරියගේ ස්වාමිපුරුෂයා කම්කරුවකු ලෙස සේවය කරන බවත් ඔහු විසින් දෛනිකව උපයා ගන්නා මුදල් සැකකාරිය විසින් මත්කුඩු පානය සඳහා යොදා ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.
 
 සැකකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවෙහි හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් භාගයක ප‍්‍රමාණයක් ඇය සන්තකයේ තිබී පොලිස් නිලධාරීන් සොයා ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකාරිය ඊයේ (13දා* අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි.
  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles