Divaina - කෝටියක රන් මල්ලක් සමග ‘‘සිරාන් බාස්ක්” ගේ 19 හැවිරිදි පුතා කොටුවෙයි... ‘‘මර්වින් ජානා”ගේ හිතවතෙක් පෙම්වතියගේ මවට දීලා...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා 

 
gold135රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහිත මල්ලක් සුඛෝපභෝගී මෝටර් රථයකින් රැගෙන යමින් සිටි තරුණයකු නුගේගොඩ දෙල්කඳ හන්දියේදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පෙරේදා (12 වැනිදා* සමත්විය.
 
 සැකසහිත අන්දමින් පැමිණෙමින් තිබූ මෝටර් රථයක් නවත්වා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ. එහිදී මල්ලක තිබී රන් භාණ්ඩ තොගයක් එම නිලධාරීන්ට හමුවී ඇත. ඔහුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්ණ කිරීමේදී තමන්ට මෙම රන් භාණ්ඩ තම පෙම්වතියගේ මව සුරක්ෂිත ස්ථානයක තබන ලෙස පවසා ලබාදුන් බව පැවසී යැයි එම නිලධාරියෙක් ”දිවයින” ට පැවැසීය.
 
 තවදුරටත් මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අදාළ රන් භාණ්ඩ දැනට මත්කුඩු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ”මර්වින් ජානා” ගේ හිතවතකු විසින් අත්අඩංගුවට ගත් තරුණයාගේ පෙම්වතියගේ මවට ලබාදී ඇතැයි හෙළිවූ බවද එම නිලධාරියා කීය. එම අංශය සොයාගත් රන් භාණ්ඩ තොගය අතර, රන් මාල, වළලූ, බ්‍රේස්ලට්, කරාබු සහ රන්මුදු යනාදිය වේ. අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයාගේ පියා මත්කුඩු ජාවාරමේ නිරත ”සිරාන් බාස්ක්” නමැත්තා බව හෙළිවිණැයි ද එම නිලධාරියා කියා සිටියේය.
 
 කෙසේ වෙතත් මෙම තරුණයා රන් භාණ්ඩ රැගෙන ගියේ සැබවින්ම කුමකටද? යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
 
 මෙම තරුණයාට රන් භාණ්ඩ ලබාදුන් බව කියන කාන්තාව (පෙම්වතියගේ මව* සොයා බොරලැස්ගමුව නිවසට ගියද ඇය එම නිවසින් පලාගොස් ඇතැයි හෙළිවූ බව එම අංශය කියයි. අත්අඩංගුවට ගත් තරුණයා නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරුන් වන ප‍්‍රියංකර (30674*, සම්පත් (16958*, පොලිස් කොස්තාපල් උදයංග (51508* ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles