Divaina - ඉනේ බඳින බඳ පටිය දුවගේ ගෙලේ එතී තිබුණා... සය හැවිරිදි සිඟිත්තියගේ මරණ පරීක්ෂණය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

ඉනේ බඳින බඳ පටියකට ගෙල සිරවීමෙන් මියගිය දැරියගේ මරණ පරීක්ෂණයේදී මව සාක්ෂි දෙයි

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

ඉනේ බඳින ලෙදර් වර්ගයේ බඳ පටියකට ගෙල සිරවී වයස අවුරුදු 6 ක සිඟිති දැරියක මිය යෑමේ ශෝකජනක පුවතක් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති සාක්ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මෝදර, සාන්ත ජේම්ස් වීදිය පදිංචිව සිටි ෆසාල් ඉෂ්ටියාස් ආයිසා නමැති සිඟිත්තියකි.

මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර, එහිදී සාක්ෂි දුන් මියගිය සිඟිත්තියගේ මව වන ෂාවුල් හමීඞ් ෆාතිමා ෆරානා (45* යන අය මෙසේ පැවසූවාය.

මියගොස් සිටින්නේ මගේ සිවුවැනි දරුවා. මැය පවුලේ බාල දරුවා. ඊයේ  රාති‍්‍රයේ වතුර නවත්වනවා යැයි කියපු නිසා මම රාතී‍්‍ර 8.30 ට පමණ ඇඟ සෝදා ගන්න ගියා. මේ දරුවාත්, මමත් විතරයි ඒ වෙලාවේ ගෙදර හිටියේ. මම ඇඟ සෝදා ගත් පසු දරුවාට කතා කර ඇඟ සෝදා යැව්වා. නැවත මා කාමරයට ආපසු දුව ඉන්නවා මා දැක්කා. මම ඇඳුම් අඳින විට දුව ඉස්සරහ කාමරයට ගිහින් තිබුණා. එහි තට්ටු දෙකේ ඇඳක් තිබෙනවා. යට තට්ටුවේ මැදට ඇය බෙල්ට් එකක් දාලා තිබෙනවා. ඒ බෙල්ට් එක මගේ ලොකු පුතාගේ බෙල්ට් එකක්. දුව ඒක ඇඳේ මැද ගැටගසලා තිබෙනවා. මා කාමරයට එන විට ඒ බෙල්ට් එක දුවගේ බෙල්ලේ පැටලී තිබුණා. දුව පණ නැතුව සිටියා. ඒ වනවිට බෙල්ලේ වටේ බෙල්ට් එක එතී තිබුණා.

ඒ බෙල්ට් එක කලිසමට දමන ලෙදර් වර්ගයේ බෙල්ට් එකක්. පසුව මා දුවව වඩාගෙන බෙල්ට් එකෙන් ගලවා ගත්තා. මම කෑගැහුවා. එවිට වටේ අය ආවා. පසුව අපි දරුවාව ප‍්‍රයිවට් හොස්පිටල් එකකට රැගෙන ගියා. එම රෝහලින් දරුවාව ළමා රෝහලට මාරු කළා. දරුවා මියගොස් ඇති බව දැන ගත්තා.

මෙහිදී විශේෂ ප‍්‍රකාශයක් කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය,

විශේෂයෙන් විනාඩි 5 කට වඩා දරුවා නිහඬව සිටින්නේ නම් දෙමාපියන් දරුවා ගැන වහාම සොයා බැලිය යුතුයි. මෙම මරණ පරීක්ෂණයේදී මේ දැරිය මවගේ යාබද කාමරයේ සිට තිබෙනවා. මව ඇය පිළිබඳ සොයා බලා ඇත්තේ පැය භාගයක් පමණ ගිය පසුව බව ඇඳ හිස පත් වාර්තාවේ සඳහන් වෙනවා. ඉතා සුළු කාලයක් තුළ සිදු වී ඇති අතපසු වීමකින් අහිමි වී යන්නේ තමාට ලෝකයේ සිටින වටිනාම සම්පත වන දරුවන් බව දෙමාපියන් නිතර සැලකිල්ලට ගත යුතුයි.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි මලින්ත ද සිල්වා මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම දැරියගේ මරණය ඉනේ බඳින ලෙදර් බඳ පටියකට ගෙල සිරවීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට නිගමනය කළාය.

මෝදර පොලිසියේ පොලිස් කොස්තාපල් කරුණාතිලක (75897* සහ මරදාන පොලිසියේ පොලිස් සැරයන් කොඩිතුවක්කු (48740* යන නිලධාරීහු මෙහිදී සාක්ෂි මෙහෙයවූහ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles