Divaina - ගලේවෙල අහිගුණ්ඨික වාහනයට ගිනි තැබූ සැකකරුවෝ අධිකරණයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p10 1ගලේවෙල නගරයේ සතිපොළ භූමියේ තාවකාලික ලෙස නවාතැන් ගෙන සිටි අහිගුණ්්ඨික පිරිසක් සමග ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඇතිවූ පසු අහිගුණ්ඨික පිරිසට අයත් ජීප් රථයකට ගිනි තබා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගලේවෙල ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන්් තිදෙනකු ඊයේ (12 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පදිංචි මෙම අහිගුණ්ඨික පිරිස ගමින් ගමට ගොස් ස්වයං රැකියාවල නිරතවෙමින් ජීවත් වන අතර පසුගිය 10 වැනිදා ගලේවෙල සතිපොළ භූමියට පැමිණ ඇත්තේ එහි තාවකාලික ලෙස නවාතැන් ගැනීමටය.

සැමියා, බිරිඳ හා දරුවන් දෙදෙනා සමග හඳුන්කූරු විකුණා සිය ජීවිකාව සපුරා ගෙන ඇත. මෙම පිරිසට අයත් රුපියල් ලක්ෂ 22ක් වටිනා බොලේරෝ කැබ් රථය ද සතිපොළේ ගාල් කර ඒ අසල නිදා සිටිය දී ගලේවෙල ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් තිදෙනකු මත්පැන් බීමට එම ස්ථානයට පැමිණ ඇති බවත් එහිදී දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ජීප් රථයේ වීදුරුවකට සැකකාර සේවකයින් ගල් ගසා ඇති බවත් මේ පිළිබඳව නගරවාසීන්ට දැනුම් දීමට යන අතරතුර දී සිය කැබ් රථයට ගිනි තබා විනාශ කර සැකකරුවන් පිරිස පලා ගිය බවත් 40 හැවිරිදි ජීප් රථයේ හිමිකාරිනිය වූ අහිගුණ්ඨික කාන්තාව ගලේවෙල පොලිසියට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක වීරරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන ගලේවෙල ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් තිදෙනකු  12 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියෙන් රුපියල් ලක්ෂ 22ක් වූ කැබ් රථය හා එහි තිබූ රුපියල් හැත්තෑදහසක් පමණ වූ භාණ්ඩ ද ගිනි ගෙන විනාශ වී ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.

සැකකරුවෝ ඊයේ (12 දා) දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

ගලේවෙල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක වීරරත්න මහතාගේ මෙහෙය වීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙයි.

ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles