Divaina - වසර දාහතක් මිනිපිරිය බලාගත් වෙද සීයාගේ මරණය අභිරහසක් - පෙම්වතා අත්අඩංගුවට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p17 3පවුල් ආරවුලකින් පසුව ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේම මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර පණ්ඩුලගම පදිංව සිටින අවිවාහක තරුණයකු මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඊයේ (11දා) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ගෙවල් විස්ස, මිස්සක මාවත, මිහින්තලේ ලිපිනයේ පදිංචිව සිටි 75 හැවිරිදි ආර්. ඒ. මාරසිංහ නොහොත් කදිරා වෙදමහත්තයා යන ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී තිබේ.

මොහු නිවසේ පුටුවක වාඩිවී බෙල්ල එක් පැත්තකට ඇලවී  මියගොස් සිටි බව පවසන පොලිසිය වෛද්‍යවරයාගේ මිණිබිරිය විවාහ වීමට සිටි තරුණයා එල්ල කළ පහරකින් ඔහු ජීවිතක්ෂයට පත්වුයේද, එසේත් නැත්නම් හෘදයාබාධයකින් මරණය සිදු වුයේද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි. මරණයට පත්වු වෛද්‍යවරයාගේ දියණිය දරුවා ලැබීමෙන් පසුව ඇය දමා ගොස් ඇති බවත් එම මිණිබිරිය වසර 17ක පමණ කාලයක් මෙම වෛද්‍යවරයා විසින් (සීයා) හදා වඩාගෙන ඇති බවත් පොලිසිය පවසයි. පෙරේදා (10දා) දිනයේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින 27 හැවිරිදි තරුණයා නිවසට පැමිණ ඇති බවත් සීයා විසින් සිය පෙම්වතියට මෝටර් රථයක් මිලයට ගැනීමට කතිකා කරගෙන තිබීම සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවී තිබෙන බවද සිදුකළ පරීක්ෂණවලදී පොලිසියට අනාවරණයවී තිබුණි.

සැකකරු විසින් පෙම්වතියගේ අත්තම්මාට හා සියාට පහරදී තරුණියව රාත‍්‍රීයේම රැුගෙන ගොස් ඇති බවත් ඇයත් කැමත්තෙන් ඔහු සමග ගොස් ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු විසින් මරණකරුගේ මිනිබිරිය නිවසින් රැුගෙන යන අයුරු මියගිය වෛද්‍යවරයා බලාසිට ඇති බවත් පසුව ඔහු නිවසේ ඉස්තෝප්පුවේ පුටුවක ඉඳගෙන සිටියදී සුළු මොහොතකින් මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

ඔහුගේ ගෙල කඩාවැටීම නිසා බිරිඳ විසින් අසල්වාසින්ට දන්වා තිබෙන අතර අසල්වාසින් විසින් වෛද්‍යවරයා මියගොස් ඇති බව කියමින් මිහින්තලය පොලිස්ථානයට දන්වා තිබේ. මරණයට පත්ව සිටි වෛද්‍යවරයා පසුගිය සමයේ අංශභාගය රෝගය වැළඳිම නිසා රෝගිව සිට යම්තරමක් සුවය ලැබු අයකු බවත් සැකකරු වෛiවරයාගේ හිසට පහරදීම නිසා ඔහුගේ මරණය සිදුවුයේද යන්න පිළිබඳව සැකමතුව ඇති බව පොලිසිය පවසයි.

තරුණිය සැකකරු සමග ස්වකැමත්තෙන්ම පලාගොස් ඇති බවත් ඔවුන් දෙදෙනාවම අනුරාධපුර නිරාවිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මරණය සම්බන්ධයෙන් අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතාට මිහින්තලය පොලිසිය බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර තිබුණි. මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සඳහා පැමිණි විනිසුරු මෙම මරණයට හේතුව ඝාතනයක්ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඞී. එල්. වෛද්‍යරත්න මහතා හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

මිහින්තලේ - රංග චතු

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles