Divaina - ආච්චියි, තාත්තයි-අම්මයි පුතයි එකට බීලා...! - පවුලේ සාදය දුරදිග ගොස් පුතා අතින් පියා මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


p17 2- සැමියාගේ සිරුර ඇඳ මත තැබූ බිරිඳත් කූඩු

- ගම්පොළ, පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකුගේ ඝාතනය සම්බන්ධයෙන් එම පුද්ගලයාගේ 24 හැවිරිදි පුතු හා මව සැකපිට අත්අඩංගුවට ගත් බව පුස්සැල්ලාව පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මුරගෝසු ආරුමුගම් නමැති තිදරු පියෙකි.

මොහු සමඟ ආරවුලක් ඇති කර ගත් මෙම මව හා පුතු මෙම ඝාතනය සිදු කර ඇති බව සැකකරුගේ ප‍්‍රකාශවලින් තහවුරු වී ඇති බව ද පොලිසිය පවසයි.

මරණකරුගේ බිරිඳට 10 වැනි දින වැටුප් ලැබී ඇති බවත් එයින් රුපියල් දහසක් ඉල්ලා ගත් මරණකරු එයින් මත්පැන් නිවසට රැුගෙනවිත් ඇති බව හෙළි වී ඇති අතර නිවසේ සිටි මරණකරුගේ මව, බිරිඳ හා පුතා එක්ව මත්පැන් පානය කිරීමෙන් පසු මෙම ආරවුල් හටගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

එදින රාති‍්‍ර 11 ට පමණ පුතු විසින් එම නිවසේ කුස්සිය තුළදී පියාට තියුණු ආයුධයකින් හා මොට ආයුධයකින් පහරදී තිබේ. පසුව මව හා එක්්ව එම සැකකාර පුතා බිම වැටී සිිටි පියා ඇඳ මත තබා පසුදා පුස්සැල්ලාව පොලිසිය වෙත ගොස් පියා මියගොස් සිටින බව දන්වා තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මේ සියලූ කරුණු අනාවරණය කර ගනිමින් සැකකාර මව හා පුතු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සිරුර පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණ නාවලපිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් අමිල උදය මහතා විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර මහනුවර මහ රෝහලේ් අධිකරණ වෛද්‍යවයා වෙත යොමු කරන ලෙස දන්වන ලදී. පසුව එම සිරුර මරණකරුගේ 22 හැවිරිදි දියණිය වෙත ලබා දෙන ලෙසත් මරණ පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා 19 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසත් දන්වන ලදී. සැකකරුවන් ඊයේ 12 දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශි‍්‍රයන්ත පීරිස්, පුස්සැල්ලාව පොලිස්  ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. ඉන්දික හේම කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පො. ප. එම්. එම්. එච්. එස්. යාලේගම, පො. සැ. (59268) සිගාමනි, පො. සැ. (29973) මාවලගේ යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ - සුරංග දිල්හාන්

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles