Divaina - ගෝනුන්ගේ අං තට්ටු සහ කකුල්, මී හරක් අං තට්ටු සහ පිඹුරු හැවක් ආදී වන සත්ත්ව කොටස් ප‍්‍රදර්ශනය කළ නුවරඑළි හෝටල් කළමනාකරු දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 නුවරඑළිය - නාලක රත්නායක

hotala2

 
 නුවරඑළිය ප‍්‍රදේශයේ සංචාරක නිකේතනයක ප‍්‍රදර්ශනය කර තිබූ සත්ත්ව කොටස් ගණනාවක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසියේ මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතා පැවසීය.

 

hotela1
 
 නුවරඑළිය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ සංචාරක නිකේතනය පරීක්ෂා කර අදාළ සත්ත්ව කොටස් සොයාගෙන ඒ පිළිබඳව නීතිමය පියවර
 
 ගැනීම සඳහා එම සත්ත්ව කොටස් නුවරඑළිය වනජීවී කාර්යාලය වෙත ලබාදුන් බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
 
 ගෝන අං තට්ටු 18 ක්, ගෝන කකුල් දෙකක්, මී හරක් අං තට්ටු දෙකක්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප‍්‍රමණයක්, පිඹුරු හැවක් සහ සමනලූන්ගේ කුටි විශාල ප‍්‍රමාණයක් මෙම සංචාරක නිකේතනයේ තිබී ඇත.
 
 අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය ප‍්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
 
 සත්ත්ව කොටස් සමග එම සංචාරක නිකේතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරු නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් නුවරඑළිය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 නුවරඑළිය පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප‍්‍ර.පො.ප. චන්දන විජේසේකර, උ.පො.ප. වීරසිරි, පො.සැ. වරුන් වන ප‍්‍රියංකර (66428*, දේශප‍්‍රිය (56645*, ප‍්‍රදීප් (33723*, පො.කො. වරුන් වන හේවගේ (21864*, දීමන්ත (81604*, හේරත් (69765* යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගත් සත්ත්ව කොටස් ඡුායාරූපවල දැක්වේ.
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles